1 00:00:00,000 --> 00:00:25,000 ★★★ ජෙරෝම් වැලස්කා (සමන් ප්‍රසාද්) ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. w w w . b a i s c o p e l k . c o m ඉංග්‍රීසි උපසිරසි හා කාලරාමු සැකසුම : PSARips 2 00:00:42,041 --> 00:00:43,041 කාලය. 3 00:00:46,500 --> 00:00:47,500 අවකාශය. 4 00:00:49,208 --> 00:00:50,208 යතාර්ථය. 5 00:00:53,208 --> 00:00:54,916 මේවා රේඛීය මාර්ගයකට වඩා වෙනස්. 6 00:00:59,708 --> 00:01:04,291 නිමාවක් නැති සිදුවීම් වලින් පිරි ප්‍රිස්මයක්, 7 00:01:06,833 --> 00:01:10,291 එක තීරණයකින් යතාර්ථයන් අනන්ත ගණනක් සෑදිය හැකි තැනක්, 8 00:01:13,000 --> 00:01:15,833 ඔබ දන්න ලෝක වලට වඩා වෙනස් ලෝක සාදමින්. 9 00:01:19,958 --> 00:01:21,125 මං තමා වොචර්. 10 00:01:23,458 --> 00:01:26,625 මං තමා ඔබට මේ සුවිශාල යතාර්ථයන් ගැන කියලා දෙන්නෙ. 11 00:01:28,125 --> 00:01:31,708 එන්න මා සමග, ඇවිත් හිතන්න ගන්න... 12 00:01:35,208 --> 00:01:37,708 "මෙහෙම වුණොත් මොකද?" 13 00:01:46,833 --> 00:01:51,208 ඔබට අනුව මන්දාකිණිය කියන්නෙ ආලෝක තිත් බිලියන සිය ගාණක්. 14 00:01:52,000 --> 00:01:57,000 හැබැයි ඔබට ආලෝක තිත් පේන තැන් වල මට පේන්නෙ ලෝකයි ඒවගෙ අප්‍රමාණ කතායි. 15 00:02:00,208 --> 00:02:02,333 හැබැයි යතාර්ථ අනන්ත ගානක් පිරුණු මල්ටිවර්ස් එකක, 16 00:02:03,333 --> 00:02:09,583 ඔබේ දෛවය තීරණය වෙන්නෙ ඔබේ හැටියෙන්ද, නැත්නම් ඔබේ ලෝකයේ හැටියෙන්ද? 17 00:02:28,000 --> 00:02:30,000 ඕක බිමින් තියනවා! දැන්මම! 18 00:02:30,500 --> 00:02:32,000 තමුන් කවුද? 19 00:02:32,083 --> 00:02:33,291 තමුන් කවුද කියනවා. 20 00:02:33,375 --> 00:02:36,250 කවුද, මංද? මං මේ වැඩකට නැති දේවල් එකතු කරන එකෙක්. 21 00:02:36,333 --> 00:02:38,833 හැබැයි ඔයාලා මාව දන්න එක නමක් තියෙනවා. 22 00:02:44,166 --> 00:02:46,125 දෙයියනේ, ස්ටාර්-ලෝඩ්! 23 00:02:46,208 --> 00:02:48,666 මං ඔයාගෙ වැඩ වලට හෙන ආස කෙනෙක්නෙ. ඔයා මොකද මෙහෙ කරන්නෙ? 24 00:02:48,750 --> 00:02:51,833 ඔයා ඔහොම හැසිරෙයි කියලා නෙවෙයි හැබැයි බලාපොරොත්තු වුණේ. 25 00:02:53,000 --> 00:02:55,500 ඒයි, ඒයි. ඔහොම ඉන්නවා! පොඩ්ඩක් ගෞරව කරනවා. 26 00:02:55,583 --> 00:02:59,500 මේ ඉන්නෙ එකම එක ස්ටාර්-ලෝඩ්, අර ප්‍රසිද්ධ පිටුවහලා. 27 00:02:59,583 --> 00:03:02,041 බලවත් අයගෙන් හොරකම් කරලා අසරණයන්ට දෙනවා. 28 00:03:02,125 --> 00:03:04,583 අපි ඔලුව නවන්න ඕනද? නැව්වොත් හොඳයි වගේ. 29 00:03:04,666 --> 00:03:06,666 අපි දන ගහන්නද නැත්නම්. 30 00:03:06,750 --> 00:03:08,750 - ඒ මුකුත් එපා. - අනේ. 31 00:03:08,833 --> 00:03:12,041 - ඔයා උතුමෙක්නෙ(ලෝර්ඩ්). - ඒක මගෙ නිළ පදවියක් නෙවෙයි. 32 00:03:12,125 --> 00:03:14,125 අනික මං කැමති පදවියකුත් නෙවෙයි. 33 00:03:14,208 --> 00:03:17,875 ඕවමනෙ, ඔයා හරි නිහතමානියි. අපි දන්න ස්ටාර්-ලෝඩ්. 34 00:03:17,958 --> 00:03:20,458 මට ඕක ඔයාගෙන් ගන්න වුණේ නැත්නම් කොච්චර හොඳද. 35 00:03:20,541 --> 00:03:23,125 මේ තරම් බලවත් දෙයක් මගේ ළඟ තියෙන එක හොඳයි. 36 00:03:23,208 --> 00:03:27,083 මගෙ ලොක්ක රෝනන් තමා ප්‍රශ්නෙ. මිනිහා හරිම තදයි. 37 00:03:27,166 --> 00:03:29,166 හැබැයි ඕන නම් මට ඔයාට වැඩ කරන්න පුළුවන්. 38 00:03:29,250 --> 00:03:32,125 කැමැත්තට ස්තූතියි, ඒ වුණාට සේවකයො ගානටම ඉන්නවා. 39 00:03:32,208 --> 00:03:35,916 ආ කමක් නෑ. අඩුම අතරමේ ඉතින් ඔයා එක්ක ගහගන්න හරි හම්බෙනවනෙ. 40 00:03:36,000 --> 00:03:38,416 ඔයාට ඇත්තටම ඕනා ඒක නම්. 41 00:03:38,500 --> 00:03:41,541 ඒක තමා මට ලැබෙන හොඳම ගෞරවය. 42 00:03:42,458 --> 00:03:44,750 - වෙඩි තියන්න එපාද? - අනේ තියන්න. 43 00:03:44,833 --> 00:03:45,916 - ඇත්තටම? - තියන්න. 44 00:03:46,000 --> 00:03:47,041 නෑ නෑ ප්‍රශ්ණයක් නෑ. 45 00:03:47,125 --> 00:03:48,500 - මං මේක පැත්තකට දාන්නම්. - ඒකට කමක් නෑ. 46 00:03:48,583 --> 00:03:50,166 - හොඳටම විශ්වාසද? - වෙඩි තියන්න. 47 00:03:50,250 --> 00:03:51,916 ඔයා හරිම කරුණාවන්තයි. 48 00:03:52,500 --> 00:03:53,625 - ලෑස්තිද? - ඔව් ඔව්. 49 00:03:55,583 --> 00:03:58,708 ඔයා නම් මං හිතුව විදිහමයි, උතුමාණනි. හරිම වේගවත්, කඩිසරයි. 50 00:03:58,791 --> 00:03:59,875 මං මෙතන. ගහන්න. 51 00:04:00,583 --> 00:04:03,750 - අනේ උතුමාණනි, මං එහෙම ගහන්න හිතුවෙ නෑ. - ඔහොම ගහගන්න තමා අපි ආවෙ. 52 00:04:03,833 --> 00:04:05,625 ආයෙත් ගහන්න. හැබැයි ඊට වඩා වේගෙන්. 53 00:04:05,708 --> 00:04:06,958 - හයියෙන්. - ඇත්තට? 54 00:04:08,458 --> 00:04:09,541 මං එහා මෙහා වුණෙත් යන්තම්. කෝ ගහන්න. 55 00:04:13,000 --> 00:04:14,458 අපි දන්න ස්ටාර්-ලෝඩ්. 56 00:04:16,916 --> 00:04:19,000 දැන් නම් මට දුකත් හිතෙනවා. 57 00:04:32,500 --> 00:04:35,541 මං මීට අන්ත අයත් වැඩට අරං තියෙනවනෙ. 58 00:04:38,958 --> 00:04:42,166 ඔහොම ඉන්නවා, රැවේජර්. තමුන්ට වඩා අපේ කට්ටිය වැඩියි. 59 00:04:42,250 --> 00:04:46,625 එහෙම පෙනුණට රැවේජර් කෙනෙක් කවදාවත් තනියම ගමන් නෑ. 60 00:04:53,291 --> 00:04:58,000 මං කිවුවෙ "රැවේජර් කෙනෙක් කවදාවත් තනියම ගමන් නෑ" කියලා. 61 00:04:59,500 --> 00:05:02,666 ඕක ඔයාගෙ ජනප්‍රිය කියමනක් වගේ එකක්ද? 62 00:05:15,208 --> 00:05:16,916 ඔයා ටිකකට මාව බය කරා. 63 00:05:17,000 --> 00:05:20,500 - මේ කවුද මේ? - අළුත් සාමාජිකයෙක්. මෙයත් මේක පස්සෙමයි ආවෙ. 64 00:05:22,291 --> 00:05:24,541 තාපය නම් හොඳටම වැඩියි. 65 00:05:24,625 --> 00:05:26,958 අපිට ඇත්තටම විනෝද වෙන්න ඕන වුණා නම්, 66 00:05:27,041 --> 00:05:30,333 අර ඉස්සර වගේ අපිට මේක වැඩිම ලංසුව තියන එකාට විකුණන්න තිබුණා. 67 00:05:32,500 --> 00:05:35,458 අපි ඉස්සර වගේ හිටියා නම් ඉතුරු වෙන්නෙ ඔය දත් ටිකෙන් බාගයයි. 68 00:05:35,541 --> 00:05:41,666 ඇරත්, ඊට හොඳ නැද්ද ඕකෙන් අර ක්‍රිලෝරියන්ලගෙ තරුව ක්‍රියාත්මක කරලා එයාලව බේරගන්න එක? 69 00:05:41,750 --> 00:05:46,666 මං වගේම ඔයත් දන්නවා, ඕකෙන් කරන්න පුළුවන් හොඳ තරම් වෙන කිසි දෙයක් වටින්නෙ නෑ කියලා. 70 00:05:46,750 --> 00:05:48,583 අන්න මගෙ කොල්ලා. 71 00:05:58,541 --> 00:06:01,583 අපේ වීරයගෙ දෛවය තියෙන්නෙ උඩ තරු වල වුණත්, 72 00:06:01,666 --> 00:06:06,208 එයාගෙ ගමනෙ ආරම්භය නම් හුඟක් පොළවට ළඟයි (තාත්විකයි). 73 00:06:06,291 --> 00:06:08,625 මට මේ බුබුලක් ඇතුලෙ ඉඳලා එපා වෙලා තියෙන්නෙ. 74 00:06:08,708 --> 00:06:11,083 මෙහෙන් එළියෙ වෙනම ලෝකයක් තියෙනවනෙ තාත්තෙ. 75 00:06:11,166 --> 00:06:15,041 ඔව්, යුද්ධය, ප්‍රචණ්ඩත්වය, වෛරය පිරිච්ච ලෝකයක්. 76 00:06:15,833 --> 00:06:18,458 වකන්ඩාවට ඒ ලෝකෙන් ගන්න දෙයක් නෑ. 77 00:06:18,541 --> 00:06:21,708 තව දේවල් තියෙන්න ඕනා. හැබැයි අපි ඒවා හොයන්න තරම් නිර්භීත වෙන්න ඕනා. 78 00:06:21,791 --> 00:06:23,750 මට හොඳටම තේරෙනවා, පුතේ. 79 00:06:23,833 --> 00:06:26,750 ඔයාගෙ ඇඟේ දුවන්නෙ රජෙක්ගෙ ලේ වුණත්, 80 00:06:26,833 --> 00:06:30,291 ඒ ලේ පොම්ප කරන්නෙ ගවේෂකයෙක්ගෙ හදවතින්. 81 00:06:30,375 --> 00:06:34,166 ඒ වුණාට ඒ ලෝකෙට ගිය කෙනෙක් විදිහට, 82 00:06:34,250 --> 00:06:35,791 මං ඔයාට සහතික වෙනවා, 83 00:06:36,375 --> 00:06:40,833 එහෙ තියෙන්නෙ විනාශයයි වේදනාවයි විතරයි. 84 00:06:40,916 --> 00:06:44,625 ඒ මිනිස්සුන්ට අපි ජීවත් වෙන විදිහ තේරෙන්නෙ නෑ. 85 00:06:46,500 --> 00:06:49,125 ඔබ ඔය දෛවය කියන දේ නිකන් සමීකරණයක් විතරයි, 86 00:06:50,916 --> 00:06:52,666 විචල්‍ය ටිකක් විතරයි. 87 00:06:55,583 --> 00:07:00,208 හරි වෙලාවෙ හරි තැන, නැත්නම් සමහර සිද්ධි වලදි, 88 00:07:00,291 --> 00:07:03,166 වැරදි වෙලාවෙ වැරදි තැන. 89 00:07:03,250 --> 00:07:05,416 අහම්බෙන්, ඒ මොහොතෙම, 90 00:07:05,500 --> 00:07:10,416 රැවේජර් යානයක්, ඊගෝ කියන සෙලෙස්ටියල්ගෙ දරුවව පැහැරගන්න පෘතුවියට ආවා. 91 00:07:11,291 --> 00:07:12,416 මාරයි. 92 00:07:13,833 --> 00:07:15,416 ඒත් මේ විශ්වයේදි, 93 00:07:15,500 --> 00:07:19,041 යොන්ඩු එයාගෙ වැඩේ පහළ නිළධාරීන්ට බාර දුන්නා. 94 00:07:20,833 --> 00:07:22,666 බූරුවො අරං ඇවිල්ලා තියෙන්නෙ වැරදි පොඩි එකාව. 95 00:07:22,750 --> 00:07:24,750 ඔච්චර හදිස්සි වෙන්න එපා, කැප්ටන්. 96 00:07:24,833 --> 00:07:28,458 ඇස් දෙකයි, කන් දෙකයි, කටයි. 97 00:07:28,541 --> 00:07:29,708 ඔක්කොම ගැළපෙනවා. 98 00:07:29,791 --> 00:07:32,541 මෙයා ඔහේලට පීටර් කුයිල් වගේ පේනවද? 99 00:07:32,625 --> 00:07:35,208 අනේ මංදා. ඔක්කොම මිනිස්සු මට නම් එක වගේ. 100 00:07:35,291 --> 00:07:38,500 මෙයාව ගත්ත හරියෙ අන්තරීක්‍ෂ පාඨාංක හෙන ලොකුයි. 101 00:07:38,583 --> 00:07:42,541 ඒ ලෝකෙ නොවෙන දෙයක් ඒ ලෝකෙ තිබ්බා නම්, එතනයි තියෙන්නෙ. 102 00:07:42,625 --> 00:07:46,083 ඉතිං මං ඉන්න ප්‍රදේශ‍ෙ තියෙන්නෙ පරණ වයිබ්‍රේනියම් උල්කාවක් උඩනෙ. 103 00:07:46,166 --> 00:07:48,875 ඔයාට මේවා ගැන කිසි බයක් නෑ කියලා පේනවා පොඩි එකෝ. 104 00:07:48,958 --> 00:07:51,041 මොකද්ද ඉතිං එතන තනියම ඉඳන් කරේ? 105 00:07:51,125 --> 00:07:54,166 - ලෝකෙ ගවේෂණය කරා. - විනෝද වැඩක් වගේ. 106 00:07:54,250 --> 00:07:56,041 ඒත් එක ලෝකෙකින් නවතින්නෙ ඇයි? 107 00:07:56,750 --> 00:07:58,916 අපිට ඔයාට ලෝක ඔක්කොම පෙන්නන්න පුළුවන් වෙද්දි? 108 00:08:26,958 --> 00:08:29,708 - රැවේජර්ලා! -රැවේජර්ලා! 109 00:08:31,041 --> 00:08:32,833 ස්ටාර්-ලෝඩ්, ඔයාට කැමතිම එකක් තෝරගන්න වුණොත්... 110 00:08:32,916 --> 00:08:34,500 මට කියන්න බෑ ඇත්තටම. 111 00:08:34,583 --> 00:08:37,791 මං දන්නවා, කොල්ලකෑම් ගොඩයි, බේරගත්ත ලෝක ගොඩයි. 112 00:08:37,875 --> 00:08:39,208 ඒත් ඉතින් එකක් තියෙන්නම ඕනනෙ. 113 00:08:39,291 --> 00:08:40,958 කොහොමද දෙයියනේ එකක් විතරක් තෝරගන්නෙ? 114 00:08:41,041 --> 00:08:43,750 ආ! ටාර්නක්ස් ෆෝ වල බැංකු කොල්ලය මොකෝ? 115 00:08:43,833 --> 00:08:45,875 ස්ක්‍රල් කෙනෙක්ට මුකුත් කරා කියලා පාඩුවක් වෙන්නෙ නෑ, නැද්ද? 116 00:08:48,666 --> 00:08:50,541 ඒකෙන් තමා ක්‍රැග්ලින් දත් ටික දාගත්තෙ. 117 00:08:50,625 --> 00:08:52,958 ඔයාලා අර ඇන්කරන් කණ්ඩායමට ආයුධ දෙද්දි? 118 00:08:53,041 --> 00:08:55,416 අම්මෝ. ඒකෙන් බේරුනෙත් නූලෙන්. 119 00:08:55,500 --> 00:08:58,750 ඔයාලා කොහොමද ඇත්තටම අර උමතු ටයිටන්ව, තෑනෝස්ව නැවැත්තුවෙ, 120 00:08:58,833 --> 00:09:01,458 විශ්වයෙන් බාගයක් විනාශ කරන්න යද්දි? 121 00:09:01,541 --> 00:09:03,583 මං වැරදි වෙලාවට වැරදියි කියලා පිළිගන්න තරම් හොඳ මනුස්සයෙක්. 122 00:09:04,083 --> 00:09:08,208 ටි'චල්ලා මට පෙන්නුවා විශ්වයේ සම්පත් බෙදන්න ක්‍රම එකකට වඩා තියෙනවා කියලා. 123 00:09:08,291 --> 00:09:12,291 සමහර වෙලාවට අවි ගබඩාවෙ තියෙන හොඳම ආයුදේ හොඳ තර්කයක්. 124 00:09:12,375 --> 00:09:13,875 එහෙමයි එහෙමයි කමාන්ඩර්. 125 00:09:13,958 --> 00:09:17,041 ඒ වුණාට මං තාම කියන්නෙ මගේ සැලැස්ම හොඳයි කියලා. 126 00:09:18,500 --> 00:09:20,250 - ඔන්න පටන් ගත්තා. - අනේ. 127 00:09:20,333 --> 00:09:22,791 ඕක ඒ වුණත් ජනසංහාරයක්ම තමයි, ලොක්කෝ. 128 00:09:22,875 --> 00:09:24,458 ඒ වුණාට ප්‍රථිපල ඵලදායි කියල විශ්වාසයි. 129 00:09:31,041 --> 00:09:32,583 ඔහේලගෙ සල්ලි මෙහෙ හරියන්නෙ නෑ. 130 00:09:32,666 --> 00:09:35,583 - අනේ. - නෑ ඇත්ත. අපි ගන්නෙ අත්පිට මුදල් විතරයි. 131 00:09:35,666 --> 00:09:38,000 ආ සමාවෙන්න. මං ළඟ අත්පිට මුදල් තියෙනවා. 132 00:09:38,083 --> 00:09:40,375 පොඩ්ඩක් හෝව්. ඔයා මේ ස්ටාර්-ලෝඩ්නෙ. 133 00:09:40,458 --> 00:09:42,625 ඔයා ක්‍රී ආක්‍රමණයකින් මගේ ලෝකෙ බේරගත්තා. 134 00:09:42,708 --> 00:09:45,125 - පොඩි වැඩක්නෙ. - නෑ, දවස් ගානක වැඩක්. 135 00:09:45,208 --> 00:09:48,666 හයක්, හරියටම කිවුවොත්. මගෙ දුවටයි නෝනටයි යවන්න ෆොටෝ එකක් ගමු. 136 00:09:48,750 --> 00:09:49,875 මං නම් කැමති... 137 00:09:51,333 --> 00:09:54,666 තව එකක් ගත්තොත් හොඳයි. මෙතන ඔයා කැතයි, මං ලස්සනයි. 138 00:09:54,750 --> 00:09:56,958 - එහෙම එකක් නෑ. - නෑ, තව එකක් ගමු. 139 00:09:57,041 --> 00:09:59,375 - මේකේ ඔයා හරිම කැතයිනෙ. - අනේ මංදා. 140 00:10:01,416 --> 00:10:03,958 මෙතන ඉඳන් බලද්දි නම් එයා ලස්සනට ඉන්නවා. 141 00:10:04,041 --> 00:10:05,291 නෙබියුලා. 142 00:10:05,375 --> 00:10:06,458 කොහොමද චා-චා. 143 00:10:08,833 --> 00:10:10,666 මේක හෙන වටින එකක්නෙ. 144 00:10:10,750 --> 00:10:12,541 ලොක්කා දන්නවද මේක ඔයා ළඟ කියලා? 145 00:10:12,625 --> 00:10:13,875 ඔයාගෙ තාත්තද? 146 00:10:15,166 --> 00:10:17,208 මං ලොක්කා කියලා හරි කියන එක එයාගෙ වාසනාව. 147 00:10:17,291 --> 00:10:18,666 එයා දැන් කරන්නෙ වතුපිටි වැඩ. 148 00:10:18,750 --> 00:10:20,750 ඔයා එයාට කතා කරන්න. එයා දැන් වෙනස්. 149 00:10:20,833 --> 00:10:22,000 අතීතෙ වෙනස් වෙන්නෙ නෑනෙ. 150 00:10:22,083 --> 00:10:24,250 ඔයත් තාම ඔයාගෙ අතීතෙ බෙල්ලෙ එල්ලන් ඉන්නෙ. 151 00:10:25,166 --> 00:10:26,625 ආපහු යන්න හිතෙනවද? 152 00:10:26,708 --> 00:10:28,250 ආපහු යන්න කියලා දෙයක් නෑ. 153 00:10:29,166 --> 00:10:32,875 පොඩි කාලෙදි යොන්ඩු මාව ආයෙම වකන්ඩාවට ගෙනියන්න හැදුවා... 154 00:10:33,708 --> 00:10:34,958 ඒත් එතකොට ඒක විනාශ වෙලා. 155 00:10:36,375 --> 00:10:37,666 මට කණගාටුයි. 156 00:10:37,750 --> 00:10:39,875 තවත් තේරුමක් නැති යුද්ධයක්. 157 00:10:40,666 --> 00:10:44,666 තාත්තා කිවුවෙ මිනිස්සු දන්නෙ එච්චරයි කියලා. බලද්දි එයා හරි. 158 00:10:44,750 --> 00:10:47,750 ඔයාගෙ ලෝකෙ නැති වුන නිසා දැන් අනිත් ලෝක බේරගන්නවා. 159 00:10:47,833 --> 00:10:49,291 ඔයා දැන් කරන්නෙ ඒකනෙ නේද? 160 00:10:49,916 --> 00:10:52,083 ඒ වගේ දෙයක් තමා. 161 00:10:52,166 --> 00:10:54,708 එහෙනම් මං ළඟ ඔයාට වැඩක් තියෙනවා. 162 00:10:57,125 --> 00:10:59,875 මේවට කියන්නෙ එම්බර්ස් ඔෆ් ජෙනෙසිස් කියලා. 163 00:10:59,958 --> 00:11:02,583 මේවා පරණ සුපර්නෝවා එකකින් හැදුන පෝෂක ද්‍රව්‍ය තියෙන අන්තරීක්‍ෂ දූවිලි වගයක්. 164 00:11:02,666 --> 00:11:05,333 මේවට පුළුවන් මුළු පරිසර පද්ධතියක්ම හදන්න. 165 00:11:05,916 --> 00:11:08,708 මේවා චුට්ටකින් විනාඩි ගානක් ඇතුළත විනාශ වෙන ලෝකෙකට පණ දෙන්න පුළුවන්. 166 00:11:08,791 --> 00:11:10,666 එහෙනම් අපි මේ කියන තරමේ ප්‍රමාණයකින්... 167 00:11:10,750 --> 00:11:13,791 අපිට ලෝක මිලියන ගානක ඉන්න බිලියන ගානක් මිනිස්සුන්ට කන්න දීලා, 168 00:11:13,875 --> 00:11:16,000 මන්දාකිණිය පුරාම බඩගින්න නැති කරලා දාන්න පුළුවන්. 169 00:11:16,083 --> 00:11:19,291 මෙතන ඉන්න කැප්ටන්ට ජෙනෙසයිඩ්ට නම් ඕක කියන්න එපා. මිනිහගෙ සතුට නැති වෙයි. 170 00:11:19,375 --> 00:11:21,041 අළුත් හාදයා නම් මරු. 171 00:11:21,125 --> 00:11:23,583 - ඔයා වැඩ කරන්නෙ තනියම කියලා හිතුවෙ, දුවේ. - හෝව්, හෝව්, හෝව්. 172 00:11:23,666 --> 00:11:25,625 මෙයා ඔයාගෙ දුවද? 173 00:11:25,708 --> 00:11:27,666 - අරං හදාගත්ත. - ඕක දිග කතාවක්. 174 00:11:27,750 --> 00:11:30,166 මං මෙයාලට උපදෙස් අරන් දෙන්න හදන්නෙ කාලෙක ඉඳන්. 175 00:11:30,250 --> 00:11:34,125 - ඉතින් කවුද ඉලක්කෙ? - ටැනලීඅර් ටිවාන්. එයාට තව කියනවා... 176 00:11:34,208 --> 00:11:35,208 කලෙක්ටර්? 177 00:11:35,291 --> 00:11:38,791 අන්තර් මන්දාකිණි පාතාලෙ ඉන්න දරුණුම අපරාධ රජා? 178 00:11:38,875 --> 00:11:40,666 - මං හිතුවෙ ඒ ඔයා කියලනෙ. - ඒ ඉස්සර. 179 00:11:40,750 --> 00:11:41,833 ඒත් මං ඒ ජීවිතේ අතෑරියම, 180 00:11:41,916 --> 00:11:44,458 ටිවාන් අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරං ඒ තැන ගත්තා. 181 00:11:44,541 --> 00:11:47,041 කලෙක්ටර් හරිම භයානකයි කියන එකට අපි හැමෝම එකඟයි. 182 00:11:47,125 --> 00:11:49,750 අනික කලෙක්ටර් දත් ගැන බලන්නෙත් නෑ. 183 00:11:49,833 --> 00:11:53,291 මේක නම් සියදිවි නසාගැනිල්ලක්, ටි'චල්ලා. මට උගෙ ආරක්‍ෂකයින්ගෙන්වත් බේරිලා යන්න බෑ. 184 00:11:53,375 --> 00:11:57,750 තේරෙනවද? මේ පිස්සා ඔයාව නිකන් ඔහේ මරලා දාන එකක් නෑ. 185 00:11:57,833 --> 00:12:02,958 ඌ ඔයාව කපලා ඉවර වෙලා ඉතිරි දෙයක් රාමු කරලා ඔයාව බිත්තියේ එල්ලයි. 186 00:12:03,041 --> 00:12:05,666 එහෙනම් ඔයා එන්නෙ නෑ කියලා දාගන්නද? 187 00:12:05,750 --> 00:12:09,583 කලෙක්ටර් මේකට සම්බන්ධයි නම් අපි නෑ. 188 00:12:17,625 --> 00:12:22,291 මේ යානෙ වටිනම කෙනා ඔයා වෙන්න පුළුවන්, හැබැයි මමයි තාමත් කැප්ටන්. 189 00:12:22,375 --> 00:12:25,666 අපි රැවේජර්ලා. අපි සටනකින් පසු බහින්නෙ නෑ. 190 00:12:25,750 --> 00:12:28,875 නෑ, නෑ. අපි කරන්නෙ පෝසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන එකනෙ. 191 00:12:28,958 --> 00:12:31,750 අර ඔයාගෙ පෘථිවියේ හිටියා කියන වීරයා වගේ? 192 00:12:31,833 --> 00:12:33,375 - රොබින් ලීච්. - රොබින් හුඩ්. 193 00:12:33,458 --> 00:12:35,583 මොකා හරි. අන්න එහෙමයි අපි සල්ලි හොයාගන්නෙ. 194 00:12:35,666 --> 00:12:37,750 අපි මෙච්චර කල් පික්පොකට් ගැහුවෙ මාරු කාසි වලට. 195 00:12:37,833 --> 00:12:42,166 අපිට ඇත්තටම මන්දාකිණිය බේරගන්න ඕන නම්, කරන්න ගත්ත හැමදේම කරන්න ඕන නම්, 196 00:12:42,250 --> 00:12:44,833 අපිට බැංකුව කොල්ල කන්න වෙලාව හරි. 197 00:12:45,958 --> 00:12:49,958 අනේ දෙයියනේ. මට ඔයාට කවදාවත් බෑ කියන්න බෑ පොඩි එකෝ. 198 00:12:51,625 --> 00:12:54,875 කලෙක්ටර් සත්තු වර්ග, පැල එහෙම එකතු කරන්න ආසයි. 199 00:12:55,000 --> 00:12:57,708 එයාගෙ අනිත් ඒවත් එක්කම එම්බර්ස් එකත් මෙතන තියෙයි. 200 00:12:57,791 --> 00:13:00,666 එයාගෙ මෙහෙයුම් මූලස්ථානය වගේ දෙකක් විශාල කෞතුකාගාරයක්. 201 00:13:00,750 --> 00:13:04,666 ආධි සෙලෙස්ටියල් ඔළුවක් ඇතුලෙ තියෙන පතල් කොළනියක්. 202 00:13:07,125 --> 00:13:09,250 එයාගෙ ආරක්‍ෂාවට ඉන්නෙ බ්ලැක් ඕඩර් එක. 203 00:13:09,333 --> 00:13:13,041 මං කියනවට විශ්වාස කරන්න, උන් ලේසි නෑ. කොහොමද උන්ට හොරෙන් යන්නෙ? 204 00:13:13,125 --> 00:13:15,958 හොරෙන් යන්නෙ නෑ. කෙළින්ම ගිහිං දොරට තට්ටු කරනවා. 205 00:13:17,625 --> 00:13:20,125 නෙබියුලා උත්තමාවියනි. කැප්ටන් උඩොන්ටා. 206 00:13:20,208 --> 00:13:22,708 මං ආවෙ ඔයාලව මගෙ මාස්ටර් ළඟට එක්ක යන්න. 207 00:13:22,791 --> 00:13:27,041 මායි යෝන්ඩුයි ඔයා අර මෝරැග් වලින් ගත්ත ඔර්බ් එක විකුණන්න යන අය වගේ රඟපානවා. 208 00:13:27,125 --> 00:13:29,208 ඒත් ඇත්තටම ඇතුලෙ ඉන්නෙ ටි'චල්ලා. 209 00:13:29,291 --> 00:13:31,916 අපේ ප්‍රධාන ආරක්‍ෂිකාව, ප්‍රොක්සිමා මිඩ්නයිට්. 210 00:13:32,000 --> 00:13:34,291 ප්‍රදර්ශන භාණ්ඩෙකට කෞතුකාගාරෙ බාර දීලා වගේ. 211 00:13:34,375 --> 00:13:35,958 ඔහොම ඉන්නවා. ඕක ස්කෑන් කරන්න ඕනා. 212 00:13:38,458 --> 00:13:40,666 අන්න එතකොටයි ඔයා වැඩේ පටන් ගන්නෙ. 213 00:13:43,875 --> 00:13:45,625 නවත්තනවා. මං හිතුවෙ ගහගන්නෙ බොරුවට කියලා. 214 00:13:45,708 --> 00:13:49,458 මට ආයෙ කැප්ටන් ජෙනෙසයිඩ් කියලා බලනවකො, අළුත් එකා. 215 00:13:50,541 --> 00:13:53,291 කැප්ටන් ජෙනෙසයිඩ්... 216 00:13:53,375 --> 00:13:56,833 රැවේජර්ස්ලා බ්ලැක් ඕඩර් එකේ අවධානය ගන්න රණ්ඩුවක් පටන්ගයි. 217 00:13:56,916 --> 00:13:58,250 මෙතන පොඩි ප්‍රශ්ණයක්. 218 00:13:58,333 --> 00:14:00,875 සියලුම කණ්ඩායම් මෙතනට වාර්තා කරන්න. 219 00:14:00,958 --> 00:14:04,291 දැන් යොන්ඩුටයි නෙබියුලාටයි කලෙක්ටර්ගෙ අවධානය වෙනස් කරන්න පුළුවන්. 220 00:14:04,375 --> 00:14:06,416 එතකොට මං ගිහිං එම්බර්ස් එක හොයාගන්නවා. 221 00:14:13,666 --> 00:14:14,666 මාරයි. 222 00:14:14,750 --> 00:14:17,541 නියමයි. නියමම සැළැස්මක්. 223 00:14:17,625 --> 00:14:19,208 වැරදෙන්න දෙයක් නෑනෙ. 224 00:14:19,291 --> 00:14:24,125 මේ ඉන්නෙ ටැනලිඅර් ටිවාන්, කලෙක්ටර්. 225 00:14:24,208 --> 00:14:26,166 අප්පේ, මගේ නෙබියුලා. 226 00:14:26,250 --> 00:14:28,333 ඔයා ඇහැට දැකීම කොච්චර සතුටක්ද. 227 00:14:28,416 --> 00:14:31,791 අනේ සමාවෙන්න, නොබලා ඉන්නම බැරි වුණා. 228 00:14:31,875 --> 00:14:36,583 ඒයි, විකාරකාරයා. ප්‍රශ්ණයක් නැත්නම් කෙළින්ම වැඩේට බහිමුද? 229 00:14:36,666 --> 00:14:38,125 වැඩම විතරද? 230 00:14:38,208 --> 00:14:43,291 රැවේජර්ලා ඉස්සර කොච්චර විනෝදෙට බරයිද කියලා මතක් වෙද්දි දුකයි. 231 00:14:43,375 --> 00:14:46,583 මොනා කියන්නද ඉතිං. අපි අපරාධ නැවැත්තුවා මට එපා වුණා. 232 00:14:46,666 --> 00:14:49,666 ඔහේලා වල්පල් කියවලා ඉවර නම්, මං ඔයා ඉල්ලපු දේ ගෙනාවා. 233 00:14:57,500 --> 00:14:58,583 අප්පේ. 234 00:14:59,125 --> 00:15:01,416 මං හිතුවට වඩා ගොඩක් දේවල් මෙතන තියෙනවා. 235 00:15:04,333 --> 00:15:06,333 මොකටද මෙච්චර මෙහෙම දුක්? 236 00:15:06,416 --> 00:15:09,000 මං හිතන්නෙ එයා මොකක් හරි ලොකු දේකට ඔහොම වන්දි ගෙවන්නෙ. 237 00:15:09,833 --> 00:15:12,000 නැත්නම් පොඩි දේකට, මං කියන දේ තේරෙනවා නම්. 238 00:15:12,083 --> 00:15:13,958 තාරාවෙක් වුණාට ඔයා හොඳට කතා කරනවනෙ. 239 00:15:14,041 --> 00:15:16,958 හැමදේම එකම විදිහට හිතන්න එපා, සර්. 240 00:15:17,041 --> 00:15:19,250 මං මේ පොඩි දෙයක් හොයන ගමන්. 241 00:15:19,333 --> 00:15:21,875 එම්බර්ස් ඔෆ් ජෙනෙසිස් එක. තියෙන තැන දන්නවද? 242 00:15:21,958 --> 00:15:23,541 අන්තරීක්‍ෂ ශාක, මේකෙ කෙළවරම. 243 00:15:23,625 --> 00:15:26,625 ෆ්‍රොස්ට් ජයන්ට්ලා ළඟින් වමට හැරිලා, ක්‍රෝනන්ලා ළඟින් දකුණට හැරෙන්න. 244 00:15:26,708 --> 00:15:30,250 එල්ෆ් පොත්පත් පෙන්නන සළකුණක් තියෙයි. කියවන්න යන්න එපා, හරිම කම්මැලියි. 245 00:15:30,333 --> 00:15:31,416 ඕන එකක්. 246 00:15:34,750 --> 00:15:36,208 පාර පෙන්නන්නකො. 247 00:15:38,416 --> 00:15:40,416 දන්නවනෙ කට්ටිය කියන දේ, "වාසනාව නැති වෙලාවට, 248 00:15:40,500 --> 00:15:41,666 "තාරාවෙක් වගේ වෙන්න." 249 00:15:41,750 --> 00:15:44,500 - කවුරුත් නම් එහෙම කියන්නෙ නෑ. - අපෝ කියනවා. 250 00:15:44,583 --> 00:15:45,875 - ඇත්තට? - නැතුව. 251 00:15:56,000 --> 00:15:57,375 රැවේජර්ලා? 252 00:15:58,333 --> 00:16:01,041 මේක රැවටිල්ලක්. එලාම් එක ගහලා බිල්ඩිම වහන්න. 253 00:16:06,750 --> 00:16:09,208 අනතුරු සංඥා. 254 00:16:09,291 --> 00:16:12,000 ඔයා විනෝදෙ සපයන්න හොඳට දන්නවා. 255 00:16:12,083 --> 00:16:13,958 පොඩ්ඩක් හෝව්, මොනා හරි බොන්න ඕනා. 256 00:16:19,000 --> 00:16:21,083 - අපි යන්න ඕනා. - කොහෙද යන්නෙ? මෙහාට එන්න. 257 00:16:21,166 --> 00:16:23,583 පිස්සු හැදිලද? ලාබෙට බොන්න හම්බුණා විතරයි. 258 00:17:01,000 --> 00:17:02,958 වෙන්න බෑ. 259 00:17:04,666 --> 00:17:08,333 මගෙ පුතා ටි'චල්ලාව, වකන්ඩාවෙ ඔටුන්න හිමි කුමාරයාව, 260 00:17:08,416 --> 00:17:12,083 පිටසක්වල යානාවක් ඇවිත් පෘතුවියෙන් පැහැරගත්තා. 261 00:17:12,166 --> 00:17:15,833 එයා ඉන්න තැන ඔබ දන්නවා නම්, 262 00:17:15,916 --> 00:17:19,625 මේ සංඥාවට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලනවා. 263 00:17:20,458 --> 00:17:22,791 -අනික ටි'චල්ලා... -තාත්තේ. 264 00:17:22,875 --> 00:17:24,791 ...ඔයා ඔය කොහෙ හරි ඉන්නවා නම්, 265 00:17:24,875 --> 00:17:30,583 බිලියන ගානක් තරු පිරිච්ච අහසෙ ඔයා කියන්නෙ එක දීප්තිමත් තරුවක්. 266 00:17:30,666 --> 00:17:35,666 අපි ඒ හැම තරුවක්ම පරීක්‍ෂා කරනවා ඔයාව හම්බෙනකම්ම, 267 00:17:35,750 --> 00:17:38,458 මේ මානෙදි හරි ඊළඟ මානෙදි හරි. 268 00:17:47,500 --> 00:17:50,750 ඔයාට තේරෙයි කියලා හිතනවා චා-චා, 269 00:17:50,833 --> 00:17:53,833 කලෙක්ටර්ට මං ණයක් තිබ්බා. ඔයා තමා ගාස්තුව. 270 00:17:58,666 --> 00:18:03,958 ටි'චල්ලා, දැන් තමා ඔයා වැඩ පෙන්නලා පැනගන්න වෙලාව. 271 00:18:04,041 --> 00:18:05,500 අවුලක් නෑ නේද පොඩි එකෝ? 272 00:18:05,583 --> 00:18:07,000 මට බොරු කරා! 273 00:18:07,083 --> 00:18:08,375 ඔයාව ආරක්‍ෂා කරන එකයි කරේ. 274 00:18:08,458 --> 00:18:11,791 ඔය මේ වැඩේ ගැන කතාවක්ද, නැත්තම් පවුල් ප්‍රශ්ණයක්ද? 275 00:18:11,875 --> 00:18:14,166 කිවුවෙ මං හිටපු දිහාව විනාශ කරලා කියලා. 276 00:18:14,250 --> 00:18:15,416 මගෙ පවුලෙ අයව මරලා කියලා. 277 00:18:15,500 --> 00:18:16,750 ඒක කොහොමද ආරක්‍ෂා කිරිල්ලක් වෙන්නෙ? 278 00:18:16,833 --> 00:18:18,916 පවුල් ප්‍රශ්ණයක් තමා. 279 00:18:19,000 --> 00:18:22,333 සමහර වෙලාවට ඇත්ත තේරෙන්න නම් බොරුවක් අහන්නම වෙනවා. 280 00:18:22,416 --> 00:18:25,000 ඔයත් මං වගේමයි, ටි'චල්ලා. 281 00:18:28,083 --> 00:18:29,625 මං ඔහේට ගෑවිලාවත් නෑ. 282 00:18:30,125 --> 00:18:32,041 ඔයා ගවේෂකයෙක්නෙ, ස්ටාර්-ලෝඩ්. 283 00:18:32,791 --> 00:18:38,375 අපි වගේ කට්ටියට අතීතය කියන්නෙ හිර ගෙයක් විතරයි. 284 00:18:38,458 --> 00:18:40,583 ඔයාව හරි යන්නෙ එහෙට නෙවෙයි. 285 00:18:40,666 --> 00:18:45,250 ඔයාව හරි යන්නෙ මෙහෙට, අපිට, ඔයාගෙ පවුලෙ අයට. 286 00:18:45,333 --> 00:18:46,958 ඔයාලා මගෙ පවුලෙ අය නෙවෙයි. 287 00:18:48,458 --> 00:18:50,125 එදා ඉඳන්ම එහෙමයි. 288 00:18:51,750 --> 00:18:54,041 ඒකට නම් දුක හිතුණා. 289 00:18:56,291 --> 00:18:58,541 කලෙක්ටර් තමුන්ව හම්බෙන්න ලෑස්තියි. 290 00:19:09,666 --> 00:19:13,875 අර නෙබියුලා නටපු විකාරෙට මං සමාව ඉල්ලන්න ඕනා. 291 00:19:13,958 --> 00:19:15,833 මට ඔය සෝබන වැඩ පෙන්නන්න බෑ. 292 00:19:15,916 --> 00:19:18,916 ඔය ඇඳුම දිහා බැලුවම නම් පේන්නෙ වෙන දෙයක්. 293 00:19:19,000 --> 00:19:20,541 මගෙන් මොනවද ඕනා, ටිවාන්? 294 00:19:20,625 --> 00:19:26,916 මගෙ ගබඩාවෙ එක බිත්තියක එල්ලන්න හරියන දේ හොයාගන්න බැරි වුණා. 295 00:19:27,000 --> 00:19:30,041 මං මේ සාමාන්‍ය මනුස්සයෙක්, කළා ගතියක් ගෑවිලාවත් නෑ. 296 00:19:30,125 --> 00:19:35,500 ඔයාව දැන් ඇස්පනාපිටම පේන නිසා පිළිගන්න වෙනවා, කළාවක් ගෑවිලාවත් නෑ තමා. 297 00:19:37,291 --> 00:19:40,583 ඔයාට පියාඹන්න, ඇස් වලින් ලේසර් විදින්න එහෙම බෑ කියලා විශ්වාසද? 298 00:19:40,666 --> 00:19:43,250 වට දෙක තුනක් ගහගෙන බලමු. 299 00:19:43,333 --> 00:19:45,458 එපා. කූඩුවෙම ඉන්න එක හොඳයි. 300 00:19:45,541 --> 00:19:46,666 මං හිටපු දිහාවෙ නම්, 301 00:19:46,750 --> 00:19:50,500 මිනිස්සු කූඩුවල දාපු උන්ට හොඳක් නම් වෙලා නෑ. 302 00:19:51,291 --> 00:19:52,958 මෝ, ලියාගන්න. 303 00:19:53,041 --> 00:19:56,125 මෙයාට සුපිරි බලයක් තියෙන පාටයි. 304 00:19:56,208 --> 00:19:59,541 මෙයාට මෙයාගෙ ශ්‍රද්ධාව ගැන කියවලම කෙනෙක්ගෙ ජීවිතේ එපා කරවලා මරවන්න පුළුවන්. 305 00:19:59,625 --> 00:20:01,458 අපි අර බිත්තිය සවුත්තු නොකර ඉමු. 306 00:20:01,541 --> 00:20:04,916 මෙයාව කපලා ඉතුරු වෙන ඒවා අමතර කොටස් වලට ගන්න. 307 00:20:10,750 --> 00:20:12,166 මගෙ දුව. 308 00:20:12,250 --> 00:20:13,750 කොහොමද තමුන් අපිට මෙහෙම දෙයක් කලේ? 309 00:20:13,833 --> 00:20:17,833 මගෙ හොඳම යාළුවා, ටි'චල්ලට? තමුන් තමා දැකපු ජරාම මිනිහා. 310 00:20:22,958 --> 00:20:25,125 කොහොම වුණත් හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. 311 00:20:25,208 --> 00:20:27,666 කලබල නොවී ඉන්න. මං ආවෙ බේරගන්න. 312 00:20:27,750 --> 00:20:29,458 ආයෙ අදහස වෙනස් කරන්නෙ නෑ වගේ. 313 00:20:29,541 --> 00:20:31,375 නෑ, වෙනස් කරේ නෑ. මේක තමා මුල ඉඳන්ම සැළැස්ම වුණේ. 314 00:20:31,791 --> 00:20:34,708 මං ටි'චල්ලට කිවුවා කලෙක්ටර් මුල ඉඳන්ම එයා පස්සෙ පන්නනවා කියලා. 315 00:20:34,791 --> 00:20:36,791 - මොකද්ද ඉතින් ඔය වැඩේ? - වැඩක්ම නෙවේ, කපටිකමක්. 316 00:20:36,875 --> 00:20:38,958 මං කලෙක්ටර්ට ණයක් තියෙනවා. 317 00:20:39,041 --> 00:20:40,416 එයා ඉතින් ණය ඉල්ලන්න ඇවිත්. 318 00:20:40,500 --> 00:20:43,625 - මොනාද එයාට ඕනා? - කෙටියෙන්ම කියනවා නම් ඔයාව, චා-චා. 319 00:20:44,416 --> 00:20:47,166 අර වකන්ඩා යානය ගැන නම් මං දැනන් හිටියෙ නෑ. 320 00:20:47,250 --> 00:20:53,375 මං දැනන් හිටියෙ කලෙක්ටර්ට මගෙ ණය බේරලා එම්බර්ස් එක ගන්න අවස්ථාවක් තියෙනවා කියලා විතරයි. 321 00:20:53,458 --> 00:20:56,500 එහෙනම් මේ ඔක්කොම රැවටිල්ලක්? 322 00:20:56,583 --> 00:20:58,583 අපි දන්න ස්ටාර්-ලෝඩ්. 323 00:20:58,666 --> 00:21:01,125 ටි'චල්ලා තමා ඔයාලට මේවා කියන්න බෑ කිවුවෙ. 324 00:21:01,208 --> 00:21:04,125 මං එහෙනම් එයාට මෙහෙම උගුලක වැටෙන්න දෙන්නෙ නෑ කියලා එයා දන්න නිසා. 325 00:21:04,208 --> 00:21:05,375 බලනවා අන්තිමට වෙච්ච දේ. 326 00:21:05,458 --> 00:21:06,458 මේ ඔක්කොම රැවටිල්ලක්, 327 00:21:06,541 --> 00:21:11,041 මට මේ එම්බර්ස් ඔෆ් ජෙනෙසිස් එක ගන්න ඉඩ අරං දුන්න. 328 00:21:12,250 --> 00:21:14,500 අප්පේ. ඔයාල නම් මාරයි. 329 00:21:14,583 --> 00:21:16,291 - එතකොට ටි'චල්ලා? - බය වෙන්න දෙයක් නෑ. 330 00:21:16,375 --> 00:21:19,916 එයා පැනගන්න ක්‍රමේ හංගගෙන ඉන්නෙ (පපුව ළඟ තියෙන්නෙ). 331 00:21:20,000 --> 00:21:21,625 නෑ, ඔහොම නෙවෙයි, කරීනා. 332 00:21:21,708 --> 00:21:24,625 වහල් ප්‍රමිතියෙන් පවා ඔහේ මෝඩයි. 333 00:21:43,208 --> 00:21:46,291 ඔයා අර මිනිස්සුන්ව කූඩු නොකරන එක ගැන කියපු දේට මං ආසයි. 334 00:21:46,375 --> 00:21:48,708 ස්තූතියි. මං ඔයාට සදා ණයගැතියි. 335 00:21:52,041 --> 00:21:55,291 හිරකාරයො පැනගෙන. හැමෝම හත්වන කොටසට එන්න. 336 00:22:01,708 --> 00:22:04,958 මොන ජාතියෙ කෙනෙක්ද නොකියම පාටියකින් යන්නෙ? 337 00:22:05,041 --> 00:22:07,333 මේ වගේ ඒවා තමුන්ට හැමදාම වෙන පාටයි. 338 00:22:15,125 --> 00:22:16,625 නියමෙට පාර වදිනවා නේද? 339 00:22:16,708 --> 00:22:19,708 මං මේක ගත්තෙ ක්‍රෝනන් කෙනෙක්ගෙ මල කුණකින්. 340 00:22:19,791 --> 00:22:21,791 ඔයා මේකට කැමති නැත්නම්, 341 00:22:21,875 --> 00:22:24,833 වෙන ක්‍රම ගොඩාක් තියෙනවා. ඔන්න බලනවා. 342 00:22:27,666 --> 00:22:32,750 ඩාර්ක් එල්ෆ්ලගෙ පාලකයගෙ අඳුරු පදාර්ථයෙන් හදපු කිනිස්සක්. 343 00:22:33,583 --> 00:22:37,291 එහෙම නැත්නම් කැමතිද ඊට වඩා ලස්සන එකකට? 344 00:22:40,916 --> 00:22:44,250 අප්පේ. ඒ ගෑණිගෙ තේරීම නම් නියමයි! 345 00:22:44,333 --> 00:22:48,625 නෙක්රෝස්වෝර්ඩ් එකක්. ඇස්ගාඩ්වල මරණයේ දේවතාවියගෙන් තෑග්ගක්. 346 00:23:03,291 --> 00:23:05,708 - දුවන්න! - දුව දුව නේන්නං ඉන්නෙ. 347 00:23:05,791 --> 00:23:07,958 හරි, තව වේගෙන් දුවන්නම්. 348 00:23:18,708 --> 00:23:20,500 - යානෙට යන්න. - ඔයාට පිස්සුද? 349 00:23:20,583 --> 00:23:23,208 - උන්ව තනියම නවත්තන්න බෑ. - පිස්සු නෙවෙයි... 350 00:23:25,833 --> 00:23:26,833 උමතුයි. (උමතු ටයිටන්/ මෑඩ් ටයිටන්) 351 00:23:59,625 --> 00:24:00,833 අනේ පව්. 352 00:24:00,916 --> 00:24:04,750 තමුන් තමුන්ගෙ පවුලෙ හැමෝවම දාලා ගියා, 353 00:24:04,833 --> 00:24:08,041 දැන් ඔහේගෙ අළුත් පවුල ඔහේව දාලා ගිහිං. කර්මෙ. 354 00:24:08,125 --> 00:24:11,875 සමහර විට තමුන් අහලා නැතුව ඇති, රැවේජර් කෙනෙක් කවදාවත් තනියම ගමන් නෑ. 355 00:24:15,875 --> 00:24:19,083 යොන්ඩු, වස්තුවේ! දැන් තමා පාටිය. 356 00:24:19,166 --> 00:24:23,250 මං කීයටවත් මගෙ පොඩි එකාව දාලා යන්නෙ නෑ. 357 00:24:57,708 --> 00:24:59,375 ඉඳා. 358 00:25:25,291 --> 00:25:26,291 අපි යමු! 359 00:25:29,458 --> 00:25:32,125 - එතකොට ටි'චල්ලයි යොන්ඩුයි? - කරදරයක් නෑ කියලා විශ්වාසයි. 360 00:25:45,708 --> 00:25:47,958 - මොකද කරන්නෙ? - ස්ටිකි ෆින්ගර්ස් (ඇලෙන ඇඟිලි/ හොරකම් කරන්න). 361 00:25:48,041 --> 00:25:49,083 හරියයි. 362 00:25:49,166 --> 00:25:51,083 - කවුද ගම් එක? - ඔයා තමයි. 363 00:25:51,166 --> 00:25:53,750 - මට බොරු කියපු නිසා. - සාධාරණයි. 364 00:26:02,041 --> 00:26:03,375 ඔච්චරද පුළුවන්? 365 00:26:17,750 --> 00:26:19,750 මේකෙ මාව හිරකරන්න පුළුවන් කියලද හිතන්නෙ? 366 00:26:19,833 --> 00:26:23,833 මරු. ඔහේලා කොහේ ගියත්, කොහේ හැංගුනත්, 367 00:26:23,916 --> 00:26:28,083 මේ මන්දාකිණියෙ මට හොයාගන්න බැරි තැනක් නෑ. 368 00:26:28,166 --> 00:26:30,791 ඔව්, ඔව්. ඕන එකක්. මරු කතාව. 369 00:26:32,583 --> 00:26:34,958 මේකෙන් කරන්න ඕන දේ තේරෙයි මං හිතන්නෙ. 370 00:26:35,041 --> 00:26:37,625 අදහස් ටිකක් තියෙනවා. 371 00:26:37,708 --> 00:26:40,083 කරීනා, මට ඔන්න ඕක දෙනවද? 372 00:26:40,166 --> 00:26:42,708 අල්ලන්න එපා, කරීනා. එපා! 373 00:26:43,541 --> 00:26:47,541 නෑ, නෑ, නෑ. ඔහොම ඉන්නවා. නවතිනවා! 374 00:26:47,625 --> 00:26:51,208 නැවතිලා පොඩ්ඩක් හිතන්න. මං ඔයාලා හැමෝවම බලාගත්තා. ඔයාලට ඉන්න තැනක් දුන්නා. 375 00:26:51,333 --> 00:26:53,250 අපොයි, කර්මෙ. 376 00:26:57,833 --> 00:26:59,416 දුවලා නම් මෙතනින් බේරෙන්න හම්බෙන්නෑ. 377 00:26:59,500 --> 00:27:01,375 එහෙනම් අපි අහසට යමු. 378 00:27:11,666 --> 00:27:15,208 කණ්ඩායමේ හැමෝම බේරුණා. 379 00:27:15,291 --> 00:27:17,916 එහෙනම් මං කියපු තැනදි හම්බෙන්නම්. 380 00:27:18,000 --> 00:27:19,500 තේරුණා චා-චා. 381 00:27:22,166 --> 00:27:24,125 හොරෙන් ආපු කෙනෙක් ඉන්නවා වගේ. 382 00:27:24,208 --> 00:27:26,916 ඔයා කවදත් ඔහොම පැනලා යන අය ගැන හිතනවා. 383 00:27:27,583 --> 00:27:32,083 - අහන්නකො, ටි'චල්ලා. මට මේ කියන්න ඕන වුණේ-- - ඕන නෑ. 384 00:27:32,166 --> 00:27:35,333 මමයි ඔයාට කිවුවෙ මට ලෝකෙ දකින්න ඕනා කියලා. 385 00:27:35,416 --> 00:27:38,541 ඔයා කරේ මට විශ්වයම පෙන්නපු එකයි. 386 00:27:39,375 --> 00:27:43,166 අපෝ ඔව්. විශ්වය හරිම ලස්සනයි නේද? 387 00:27:43,250 --> 00:27:45,125 මට කොයි වෙලෙත් මෙහෙ දැනුනෙ ගෙදර වගේ. 388 00:27:45,208 --> 00:27:50,125 ඒත් දැන් හැමදේම දන්න නිසා, මං දන්නෙ නෑ මං ගැළපෙන්නෙ කොහාටද කියලා. 389 00:27:50,208 --> 00:27:53,458 මං අභ්‍යවකාශ ගවේෂකයො හුඟ දෙනෙක් දැකලා තියෙනවා, පොඩි එකෝ. 390 00:27:53,541 --> 00:27:55,875 හැබැයි ඔයා දිහා බලලා ඉගෙනගත්ත දෙයක් තියෙනවා නම්, 391 00:27:56,458 --> 00:27:59,583 ඒ තමා, ඕනම ලෝකෙක, ඕනම මිනිස්සු කොට්ඨාශෙක, 392 00:27:59,666 --> 00:28:03,708 ඔයාව නොගැළපෙන තැනක් මේ මන්දාකිණියෙ නෑ කියන එක. 393 00:28:05,125 --> 00:28:08,375 ඉන්න ඕනා කොහෙද කියන එකනෙ දැන් ප්‍රශ්නෙ නේද? 394 00:28:09,750 --> 00:28:13,916 ඒකට නම් ඔයාට හිත කියන දේ අහන්න වෙනවා, ස්ටාර්-ලෝඩ්. 395 00:28:36,166 --> 00:28:39,333 -තාත්තේ. - මගෙ පුතේ, මගෙ පුතේ. 396 00:28:39,416 --> 00:28:43,291 මං දැනන් හිටියා ඔයා ආපහු පාර හොයාගෙන එයි කියලා. 397 00:28:43,375 --> 00:28:45,041 ඒකට මෙච්චර කල් ගියාට සමාවෙන්න. 398 00:28:45,125 --> 00:28:48,208 එන අතරතුරේ මං හදාගත්ත පවුලෙ අයව මං අඳුන්වලා දෙන්නම්. 399 00:28:48,291 --> 00:28:50,333 ඔබතුමා ටි'චල්ලගෙ තාත්තා වෙන්න ඕනා. 400 00:28:50,416 --> 00:28:54,666 ඔබතුමාව හමුවීම සතුටක්. ඔබතුමාගෙ පුතා මන්දාකිණි වීරයෙක්. 401 00:28:54,750 --> 00:28:57,875 යාළුවා, ඒක නම් ජනසංහාරයක් වගේනෙ. 402 00:28:57,958 --> 00:29:00,666 - නෑ, නෑ, නෑ. ඒක අහම්බෙන් වෙන නිසා. - ඇත්තට. 403 00:29:00,750 --> 00:29:03,208 අනික තව කිවුවොත්, හුඟක් ඵලදායි. 404 00:29:03,291 --> 00:29:04,541 තාත්තේ! 405 00:29:04,625 --> 00:29:07,208 ඔයාට ඕනම නම් කියන්න පුළුවන්, 406 00:29:07,291 --> 00:29:08,750 ටි'චල්ලයි මායි හොඳම යාළුවො කියලා. 407 00:29:08,833 --> 00:29:10,375 අපෝ ඔව්, ජම්ප් පොයින්ට්ස් තමා හොඳම. 408 00:29:10,458 --> 00:29:12,875 මූණ නිකන් මොකද්ද වගේ වෙනවා ඒවා වලදි, හැබැයි මාර විනෝදයි. 409 00:29:12,958 --> 00:29:18,833 මං මේ තාම හිතන්නෙ මගේ පුතා කොහොමද ඔයාගෙ යානෙට ගියේ කියලා. 410 00:29:19,250 --> 00:29:22,875 අමුතු කතාවක් තියෙන්නෙ, උතුමාණනි. මට වැඩක් බාරදුන්නා-- 411 00:29:22,958 --> 00:29:25,916 මං අතරමං වෙලා හිටියෙ, තාත්තෙ. යොන්ඩු තමා මාව හොයාගත්තෙ. 412 00:29:27,500 --> 00:29:30,333 ඉතිං එක පවුල් හමුවකින් තවත් පවුල් හමුවකට... 413 00:29:41,875 --> 00:29:43,458 ආ, අපි වහලනෙ. 414 00:29:43,541 --> 00:29:48,250 මොකෝ පීටර්? ඔයාගෙ වයසක තාත්තා එක්ක පොඩි වෙලාවක් ඉන්න බැරිද? 415 00:29:48,333 --> 00:29:50,583 ලෝක විනාශ වෙනවා කියලා මේකෙන් එළිවුණ එක නම් අපරාධයක්. 416 00:29:51,166 --> 00:29:53,166 හැබැයි ඒ කතාව වෙන දවසක. 417 00:30:12,000 --> 00:30:25,000 ★★★ ජෙරෝම් වැලස්කා (සමන් ප්‍රසාද්) ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. w w w . b a i s c o p e l k . c o m