1
00:00:05,273 --> 00:00:10,016
මෙම උපසිරැසි www.baiscopelk.com විසින්
නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ
පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
1.5
2
00:00:11,715 --> 00:00:16,912
www.baiscopelk.com අඩවිය වෙනුවෙන්
සනුප රන්මෙත් කළ උපසිරැසි ගැන්වීමකි.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
3
00:00:42,083 --> 00:00:43,125
කාලය.
4
00:00:46,500 --> 00:00:47,583
අවකාශය.
5
00:00:49,333 --> 00:00:50,375
යථාර්තය.
6
00:00:53,250 --> 00:00:54,916
එය ඒකරේඛීය මාර්ගයකට එහා යමක්.
7
00:00:59,916 --> 00:01:04,458
එය නිමක් නැති වියහැකියාවන්ගෙන් සැදුණු පිරමීඩයක්,
8
00:01:06,791 --> 00:01:10,916
එක තේරීමක් විශ්වයන් අනන්ත ගණනකට අතු බෙදා
වැඩෙන්න පුළුවන්,
9
00:01:13,041 --> 00:01:16,166
ඔබ දන්නා ඒවාට වඩා වෙනස් ලෝකයන් නිර්මාණය
කරමින්.
10
00:01:19,833 --> 00:01:21,166
මම තමයි වොචර්.
(වොචර් - බලා සිටින්නා)
11
00:01:23,625 --> 00:01:26,791
මේ අතිවිශාල අලුත් යථාර්තයන් තුළ
ඔබේ මඟපෙන්වන්නා මමයි.
12
00:01:28,208 --> 00:01:31,833
මා පසුපස ඇවිත් මෙම ප්‍රශ්නයට ගැන සිතා බලන්න...
13
00:01:35,333 --> 00:01:36,666
"මෙහෙම වුණොත්....?"
14
00:01:45,166 --> 00:01:47,833
පෘථිවිය, ජුනි, 1943.
15
00:01:47,916 --> 00:01:51,791
නාසි හමුදාවන් යුරෝපය හරහා පැමිණෙනවා,
මරණය සහ විනාශය ඉතිරි කරමින්.
16
00:01:52,750 --> 00:01:57,166
මිත්‍ර හමුදාවන් එකට එකතුවුණා අලුත්
විදියේ සොල්දාදුවෙක් නිර්මාණය කරන්න.
17
00:01:57,250 --> 00:01:58,416
සුපිරි සොල්දාදුවෙක්.
18
00:01:59,375 --> 00:02:01,125
මිනිස්වර්ගයාගේ අඳුරුතම පැයේ,
19
00:02:01,208 --> 00:02:04,666
බෲක්ලින්වලින් පැමිණි කෙට්ටු කොල්ලෙක්
කැප්ටන් ඇමෙරිකා වුණා.
20
00:02:04,750 --> 00:02:07,083
දෙවෙනි ලෝක යුද්ධය කණපිට හැරෙව්වට පස්සේ,
21
00:02:07,166 --> 00:02:12,166
ඔහු විශාල පරිත්‍යාගයක් කළා,
සාමය උදා කරමින් සහ විශ්වය බේරා ගනිමින්.
22
00:02:13,041 --> 00:02:17,875
ඒත් වෙන විශ්වයක,
එක තෝරගැනීමක් අලුත්ම වීරයෙක් බිහි කළා.
23
00:02:18,750 --> 00:02:20,875
එක සුපිරි සොල්දාදුවෙක් හදන්න මෙච්චර දෙයක්.
24
00:02:20,958 --> 00:02:23,250
පැරිස් ඉවරයි. ඊලඟට ලන්ඩන් වෙන්න පුළුවන්.
25
00:02:23,333 --> 00:02:25,375
මේක හරිගියොත්, ඔයාට යුද්ධය ඉවර කරන්න පුළුවන්.
26
00:02:25,458 --> 00:02:28,416
අපිට පුළුවන් එහෙම කරන එක ගැන හීන
දකින්න විතරයි.
27
00:02:31,916 --> 00:02:35,625
නියෝජිත කාටර්, ඔයා උඩ තට්ටුවට ගියොත්
හොඳ නැද්ද?
28
00:02:39,083 --> 00:02:40,708
නෑ. මම මෙතන ඉන්න කැමතියි.
29
00:02:40,791 --> 00:02:41,833
එතන.
30
00:02:41,916 --> 00:02:45,875
ඒක තමයි අලුත් ම විශ්වයක් බිහි කළ
මොහොත
31
00:02:46,750 --> 00:02:51,583
කාමරයෙන් යන්න කිව්වාම,
මාගරට් "පෙගී" කාටර් ඉන්න තීරණය කළා.
32
00:02:51,666 --> 00:02:57,458
ඒත් ඉක්මනින්ම එයා නොදන්නා දේහි
සැරිසරමින් අලුත් ලෝකයක් නිර්මාණය කරාවි.
33
00:02:58,041 --> 00:03:01,833
ද්‍රාවණය හදිසි සෛලීය වෙනස්කම් ඇති කරාවි.
34
00:03:01,916 --> 00:03:04,375
පාලනයක් නැති වර්ධනයෙන් වැළකීමට,
35
00:03:04,458 --> 00:03:08,083
ඉදිරිපත් වෙන කෙනාව විටා-රේ වලින් සන්තෘප්ත
කරනවා.
36
00:03:22,125 --> 00:03:23,625
එපා!
37
00:03:35,666 --> 00:03:40,041
ස්ටීව්! මං දිහා බලන්න. මං දිහා බලන්න.
38
00:03:40,125 --> 00:03:41,485
බල මට්ටම් බහිනවා.
39
00:03:41,541 --> 00:03:43,458
එක්කෝ අපි මේක දැන්ම කරන්න ඕනේ
නැත්නම් අපිට ව්‍යාපෘතිය නැතිවෙනවා.
40
00:03:43,541 --> 00:03:45,208
- රොජර්ස්, ඇතුළට යනවා!
- එයාට බෑ!
41
00:03:45,291 --> 00:03:48,125
- ස්ටාක්, ඔයා යනවා.
- මොකක්? ඔයාට පිස්සුද? මට බොත්තම් ඔබන්න තියෙනවා.
42
00:03:48,208 --> 00:03:49,809
- මමනේ බොත්තම් ඔබන කෙනා.
- ඇතුළට යනවා!
43
00:03:49,833 --> 00:03:52,726
තාක්ෂණය සහ උණ්ඩ මිශ්‍ර වෙන්නේ නෑ.
අපිට හැමදේම නැති වේවි. ඒක දැන්ම කරන්න ඕන!
44
00:03:52,750 --> 00:03:54,226
ඔයා දන්නවද මේකට කීයක් ගියාද කියලා?
45
00:03:54,250 --> 00:03:55,851
අපිට මේක ආයේ කරන්න ලැබෙන්නේ නෑ.
46
00:03:55,875 --> 00:03:57,041
ඔහොම ඉන්න. මම ඉක්මනට එන්නම්.
47
00:03:57,125 --> 00:03:58,458
මම කොහේවත් යන්නේ නෑ.
48
00:03:58,541 --> 00:03:59,666
හොවාර්ඩ්, සූදානම් වෙන්න.
49
00:03:59,750 --> 00:04:01,875
- නියෝජිත කාටර්.
- ඔයා මොකද කරන්නේ?
50
00:04:07,916 --> 00:04:09,833
නියෝජිත කාටර්, තමුසේ මොකද කරන්නේ?
51
00:04:09,916 --> 00:04:12,458
මේක තමයි අපේ එකම අවස්ථාව. දැන්!
52
00:04:12,541 --> 00:04:14,333
ස්ටාක්, මේක කරන්න එපා.
53
00:04:57,625 --> 00:04:59,500
- ඒක වැඩ කළාද?
- ටිකක් විතර.
54
00:04:59,583 --> 00:05:01,416
ඔයාට ආයේ නම් අඩි උස සපත්තු ඕන නැති වෙයි.
55
00:05:01,500 --> 00:05:03,750
පෙගී? වාව්!
56
00:05:03,833 --> 00:05:05,916
මම කියන්නේ මේක ලොකු ජයග්‍රහණයක් කියලා.
57
00:05:06,708 --> 00:05:08,666
මොනතරම් ලොකු පරාජයක්ද?!
58
00:05:08,750 --> 00:05:11,958
ඩොලර් මිලියන හැටක් ඒවගේම ලෝකයේ
සියළු බලාපොරොත්තු වතුරේ ගියා.
59
00:05:12,041 --> 00:05:13,666
මට පොරොන්දු වුණේ හමුදාවක්.
60
00:05:13,750 --> 00:05:16,125
මට පොරොන්දු වුණේ සාමය හා සතුට.
61
00:05:16,208 --> 00:05:17,458
ඒ වෙනුවට, මට හම්බවුණේ කෙල්ලෙක්.
62
00:05:17,541 --> 00:05:19,791
මට තේරෙනවා. මේක බලාපොරොත්තු වුණු
ප්‍රතිඵලය නෙමෙයි.
63
00:05:19,875 --> 00:05:22,083
ඒත් මට මිනිස් කුෂන් එකකට වඩා දෙයක්
වෙන්න පුළුවන්.
64
00:05:22,166 --> 00:05:24,416
SSR එක දැන් තියෙන්නේ මගේ අණ යටතේ.
65
00:05:24,500 --> 00:05:28,250
ඔයා මෙහේ ඉන්න එක ගැන සහ අකීකරුකමට
දඬුවම් නොවිඳින එක ගැන ස්තුතිවන්ත වෙන්න.
66
00:05:28,333 --> 00:05:30,166
අපිට මුළු ව්‍යාපෘතියම නැති වෙන්නයි ගියේ.
67
00:05:30,250 --> 00:05:32,210
- මම ඒක කළේ නැත්තම්...
- හොඳයි, අපිට ඒක නැති වුණා.
68
00:05:32,250 --> 00:05:35,958
ඒ ඩොක්ටර් එර්ස්කින් ද්‍රාවණයේ හැම බිංඳුවක්ම
ඔයා ඇතුළට ගියා.
69
00:05:36,041 --> 00:05:37,166
අපි වාසනාවන්ත වුණොත්.
70
00:05:37,250 --> 00:05:40,166
කවදහරි දවසක ඔයාගේ ලේ අපට කියාවි
ඇත්තම සුපිරි සොල්දාදුවෙක් හදා ගන්නේ කොහොමද කියලා.
71
00:05:40,250 --> 00:05:42,208
ඔයාට සුපිරි සොල්දාදුවෙක් ඉන්නවා.
72
00:05:42,291 --> 00:05:46,250
ගෑනු සෙබලෝ නෙමෙයි, සහ එයාලා අනිවාරෙන්ම
ඉස්සරහින් ඉඳන් සටන් කරන්නේ නෑ.
73
00:05:46,333 --> 00:05:47,916
එයාලගේ නියපොතු කැඩෙන්න පුළුවන්.
74
00:05:58,125 --> 00:05:59,125
නියම පාර.
75
00:05:59,208 --> 00:06:02,333
කර්නල් ෆ්ලයින් නම් එහෙම හිතන්නේ නෑ,
ඒ ආයුධභාර මෝඩයා!
76
00:06:05,375 --> 00:06:07,583
මට ඒක හිර්ලර්ගේ ඔළුවට කරන්න දුන්නා නම්...
77
00:06:07,666 --> 00:06:08,708
ඒක මීට වඩා නරක වෙන්න තිබුණා.
78
00:06:08,791 --> 00:06:10,916
ෆ්ලයින් ඔයාව USO සංචාරයකට දාන්න තිබුණා.
79
00:06:11,000 --> 00:06:14,375
පිස්සු ඇඳුමක් ඇඳගෙන,
දවසට දහපාරක් හිනාවෙන්න කියන එක.
80
00:06:14,458 --> 00:06:17,208
එයා එහෙම කරන්නේ නෑ. එයාට බෑ. පුළුවන්ද එයාට?
81
00:06:19,625 --> 00:06:20,791
පෙළපාලි යනු!
82
00:06:23,166 --> 00:06:24,291
බකී.
83
00:06:24,375 --> 00:06:26,541
බෲක්ලින්වල මගේ යාළුවෙක්.
84
00:06:26,625 --> 00:06:28,291
එයා දැන් ඉන්නේ 107 වෙනි එකේ.
85
00:06:28,375 --> 00:06:30,583
හමුදාව මට කියන්නේ නෑ එයා කොහේද යන්නේ කියලා.
86
00:06:30,666 --> 00:06:32,583
අපි හැමෝටම ඉන්නවා අපි වෙනුවෙන් සටන් කරන කෙනෙක්.
87
00:06:32,666 --> 00:06:34,541
අපිට එයාලා වෙනුවෙන් සටන් කරන්න පුළුවන් නම් හොඳයි.
88
00:06:35,666 --> 00:06:36,750
මට සමාවෙන්න.
89
00:06:36,833 --> 00:06:38,958
ඔයාට තමයි යුද්ධය ඉවර කරන කෙනා
වෙන්න තිබුණේ.
90
00:06:39,041 --> 00:06:40,041
දැන් ඔයා තමයි එයා.
91
00:06:40,916 --> 00:06:44,541
මම ගැන වද වෙන්න එපා.
මට කොහොමත් ඕවට නටන්න බෑ.
92
00:06:46,208 --> 00:06:48,416
සමහර විට ඔයාට හරියන සහයකයා හම්බවෙන්න නැතුව ඇති.
93
00:07:09,666 --> 00:07:12,500
ටොන්ස්බර්ග්, නෝර්වේ.
නියම නත්තල් කාඩ් එකක් වගේ නගරයක්.
94
00:07:12,583 --> 00:07:14,833
- හොඳයි, ඒක එහෙම වෙලා තිබුණා.
- නාසියෝ ඉන්නේ නෝර්වේ වලද?
95
00:07:14,916 --> 00:07:19,041
ළඟින්. හයිඩ්‍රා. හිට්ලර්ගේ
අධිස්වාභාවික විද්‍යා කාර්යාංශය.
96
00:07:19,125 --> 00:07:21,250
ඒ ඔරලෝසු කණුවෙන් ගැමා සංඥා දුන්නොත්
97
00:07:21,333 --> 00:07:23,458
එයාල හොයන එකට ලන්ඩන්වලටම බල දෙන්න
පුළුවන්.
98
00:07:23,541 --> 00:07:26,458
නැත්නම් ඒ රාජධානිය තප්පර 60න් පුපුරවලා දාන්න.
99
00:07:27,541 --> 00:07:31,625
ටෙසරැක්ට් එක තමයි ඔඩින්ගේ භාණ්ඩාගාරයේ
තිබුණු මැණික.
100
00:07:31,708 --> 00:07:35,500
ජන කතාවල කියවෙන විදියට ඒකට බලය තියෙනවා
භෞතික විද්‍යා මූලධර්ම නැවත ලියන්න.
101
00:07:35,583 --> 00:07:38,250
සහ විශ්වයා හරහා ඇති දොරටු විවෘත කරන්න.
102
00:07:38,333 --> 00:07:40,416
ඔබ සොයන්නේ පුරාවෘත්තයක්.
103
00:07:41,000 --> 00:07:43,666
එහෙනම් ඇයි ඔයා ඔච්චර උත්සහ කරන්නේ ඒක
හංගන්න?
104
00:07:52,291 --> 00:07:53,708
ඒකට කියන්නේ ටෙසරැක්ට් එක කියලා.
105
00:07:53,791 --> 00:07:55,916
දැන් ඒක බර්ලින්වලට භාගයක් දුර ගිහිල්ලත් ඇති.
106
00:07:56,000 --> 00:07:58,208
තුන් කාලක් වගේ කිව්වොත් වඩා නිවැරදියි.
ඒත් අපට අවස්ථාවක් තියෙනවා.
107
00:07:58,291 --> 00:08:01,166
- අපි අද රෑට කණ්ඩායමක් යැව්වොත්, අපිට පුළුවන්...
- ඔයාගේ මොළේ විකාර වෙලා.
108
00:08:01,250 --> 00:08:04,000
- මට යන්න පුළුවන්.
- විශිෂ්ටයි, දැන් ඔයාලා දෙන්නටම පිස්සු. අතිවිශිෂ්ටයි.
109
00:08:04,083 --> 00:08:06,291
දැන් මෙහේ ඉන්නවා පිස්සො දෙන්නෙක්ම.
110
00:08:06,375 --> 00:08:09,541
මිනිස්සු 30යි, උපරිම. මේක හයිඩ්‍රා උසස් බළකායට
ළඟාවුණොත්, වැඩේ ඉවරයි.
111
00:08:09,625 --> 00:08:14,000
මම එක මිනිහෙක්ව, බළඇණියක් ගැන නම් හිතන්නවත් එපා,
අමාරුවේ දාන්නේ නෑ ලස්සන බැටරියක් වෙනුවෙන්.
112
00:08:14,083 --> 00:08:16,333
- ලෝකයේ තියෙන හොඳම මොළවලට...
- ස්ටාක් කියන්නේ එයින් එක්කෙනෙක්.
113
00:08:16,416 --> 00:08:18,375
ඒක ඔයාගේ වැඩක් නෙමෙයි.
ඔයාලා මෙහේ ඉන්නත් වාසනාවන්තයි.
114
00:08:18,458 --> 00:08:21,708
ලෝකයේ තියෙන කොඳම මොළවලටවත් බෑ ඒ
බැටරියේ බල ප්‍රමාණය මනින්න.
115
00:08:21,791 --> 00:08:24,083
හොඳයි. කවුද දන්නේ,
සමහර විට යුද්ධය ඉවර වෙයි
116
00:08:24,166 --> 00:08:27,500
හයිඩ්‍රා ඒක ඔන් කරන්නේ කොහොමද කියලා
දැනගන්නත් කලින්.
117
00:08:33,166 --> 00:08:34,666
ඔයාගේ ප්‍රශ්න ගැන කල්පනා කරනවද?
118
00:08:35,166 --> 00:08:38,541
- මම හිතුවේ බ්‍රිතාන්‍යයෝ නම්‍යශීලී කියලා..
- පිරිමි අය විතරයි, පැහැදිලිවම.
119
00:08:38,625 --> 00:08:41,958
- මම ඔයාට උපදෙසක් දෙන්නද?
- නොදෙනවා නම් මම කැමතියි.
120
00:08:42,041 --> 00:08:44,958
ෆ්ලයින් කියන්නේ මෝඩයෙක්.
ඔයාගේ වාසනාවට, මම බුද්ධිමතෙක්.
121
00:08:46,541 --> 00:08:52,333
- මේක මොකක්ද?
- මේක ඔයාගේ USO "අපි ගිහිල්ලා යුධ ඔප්පුවක් විකුණමු"
ඇඳුම වෙන්නයි තිබුනේ, ඒත් මම පොඩ්ඩක් අලුත් කළා.
122
00:08:52,416 --> 00:08:54,166
ඔයාගේ අබිරහස් හැකියාවන් තව ටිකක් හොඳ වෙන්න ඕනේ
123
00:08:54,250 --> 00:08:56,500
එතකොට මේක විකාරයක් වෙයි.
124
00:09:44,916 --> 00:09:48,375
ඒක නම් මරු!
අපි ඒක ආයෙ පාරක් කරලා බලමු.
125
00:10:02,541 --> 00:10:04,833
ඔයාලට මේක පේනවද?
126
00:10:13,208 --> 00:10:15,125
මම සාමාන්‍යයෙන් ඊට වඩා ටිකක් රහසිගතයි.
127
00:10:33,458 --> 00:10:35,458
මගේ මුළු ජීවිත කාලෙම ඔයා කොහේද හිටියේ?
128
00:10:35,541 --> 00:10:37,625
ඇලායිස්ලට බලාපොරොත්තු නැති වෙලා වෙන්න ඕන
129
00:10:37,708 --> 00:10:40,458
එයාලා වෙනුවෙන් සටන් කරන්න නිකම්ම නිකන්
ගෑනියක් එව්ව එක ගැන.
130
00:10:40,541 --> 00:10:41,791
"නිකම්ම නිකන්"?
131
00:10:54,541 --> 00:10:56,416
හරියටම.
132
00:10:58,166 --> 00:11:00,083
යුද්ධය තියෙන්නේ එළියේ, කර්නල්, මේක ඇතුළේ නෙමෙයි.
133
00:11:00,166 --> 00:11:03,041
අපි දිනනවා නම්, මට ඩෙස් එකක් අස්සට වෙලා
ඉන්න කියලා හරියන්නේ නෑ.
134
00:11:03,125 --> 00:11:05,708
- මේක න්‍යෂ්ටිකද?
- ඔයා අහගෙනද ඉන්නේ?
135
00:11:05,791 --> 00:11:08,250
ඔයා නියෝජිතයෙක්,
ඔයා හමුදා වැඩවලට සුදුසුකම් ලබලා නෑ.
136
00:11:08,333 --> 00:11:09,708
එහෙනම් ඔයා මට සුදුසුකම් දුන්නොත් හොඳයි.
137
00:11:09,791 --> 00:11:13,541
"කැප්ටන්" කියන එක නියමෙට ගැළපෙනවා.
මම හිතනවා ඔයා දන්නවා කියලා ඒක එක්ක කරන්නේ
මොකක්ද කියලා.
138
00:11:14,416 --> 00:11:16,250
ඔහ්, මම දන්නවා හරියටම මේක එක්ක කරන්න
ඕන මොකක්ද කියලා.
139
00:11:22,916 --> 00:11:24,708
යුද්ධයට එන්න ලෑස්තිය, ස්ටීව්?
140
00:11:26,583 --> 00:11:30,125
අන්තිම ඔත්තුවෙන් කියවුණේ 107 සතුරන්ට
මුහුණ දුන්නේ මෙතන කියලා.
141
00:11:30,208 --> 00:11:32,291
හයිඩ්‍රා ඔයාගේ යාළුවාව හිරකාරයෙක් කරගෙන නම්...
142
00:11:32,375 --> 00:11:35,000
බකීගේ කණ්ඩායම දැන් ඉන්නේ ඉදිරි පෙළට
කිලෝමීටර 50ක් පිටිපස්සෙන්.
143
00:11:35,083 --> 00:11:38,041
- මට කියන්න බෑ ඔයාට යන්න කියලා.
- ඔයා කියන්නේ නෑ. එයා ඔයාගේ යාළුවා.
144
00:11:38,125 --> 00:11:40,208
- මට ඉන්න හොඳම කෙනා.
- ඊටත් වඩා හොඳයි.
145
00:11:40,291 --> 00:11:43,000
හයිඩ්‍රාව විනාශ කරන්න,
අපිට ඉන්න ඔක්කොම යාළුවෝ ඕන වෙනවා.
146
00:11:45,333 --> 00:11:47,916
- මම ඔයාට එකක් ණයයි.
- ඔයා මට ඊට වඩා ණයයි.
147
00:11:49,000 --> 00:11:50,500
ඔයා මට නැටුමක් ණයයි.
148
00:11:56,625 --> 00:11:59,208
මේක හොඳයි. මම පොඩ්ඩක් ගත්තට කමක් නෑ නේද?
149
00:12:19,958 --> 00:12:20,958
අර ගැහැණිය!
150
00:12:29,041 --> 00:12:31,708
කවදා ඉඳන්ද ගැහැණු ඒවගේ සටන් කරන්නේ?
151
00:12:37,833 --> 00:12:39,583
අද ඉඳන්. තේරුණා.
152
00:12:39,666 --> 00:12:42,916
ඔයාලද 107වෙනි අය?
මම ආවේ සාජන්ට බාන්ස් හොයාගෙන
153
00:12:43,500 --> 00:12:46,083
කවුද ඔයා,
එංගලන්තේ මහ රැජිනද?
154
00:12:49,083 --> 00:12:52,041
මාව එව්වේ ස්ටීව් රොජර්ස්.
නම කැප්ටන් කාටර්.
155
00:13:07,708 --> 00:13:09,708
ගුවන් හමුදාව. ගුවන් හමුදාව එවන්න.
156
00:13:09,791 --> 00:13:12,000
ඒක ඇහුණා. ස්ටීව් යන්න.
157
00:13:12,083 --> 00:13:13,625
- ස්ටීව්?
- රොජර්ස්?
158
00:13:16,000 --> 00:13:17,791
මොකක්ද මේ?
159
00:13:23,083 --> 00:13:24,083
ස්ටීව්!
160
00:13:24,166 --> 00:13:26,208
හේයි, පෙගී! දැන් ඔයා මට එකක් ණයයි.
161
00:13:32,083 --> 00:13:35,791
තප්පරයක් ඉන්න. එයා අර හයිඩ්‍රාට ගහන එක්කෙනත්
එක්ක යාළුවෝද?
162
00:13:35,875 --> 00:13:37,541
මම හිතන්නේ මමත් එයාගේ යාළුවෙක් තමා.
163
00:13:42,708 --> 00:13:45,458
ස්ටාක් මට අලුත් නටන සපත්තු දෙකක් හදලා දුන්නා.
ඔයා මොකද හිතන්නේ?
164
00:13:45,541 --> 00:13:47,416
හොඳයි, එහෙනම් අපි නැටුවොත් හොඳයි.
165
00:14:12,083 --> 00:14:14,375
ඔහොම ඉන්න. ඔයාට කාර් එකක්වත් එළවන්න බෑනේ.
166
00:14:14,458 --> 00:14:17,625
ඉතින්, ගැහැණියක් සහ පියාඹන යකඩ ඇඳුමක්. හරි හරි.
167
00:14:17,708 --> 00:14:19,833
අපි කැප්ටන් කාටර්ට ජය ඝෝෂා නගමු!
168
00:14:21,416 --> 00:14:23,583
ජයග්‍රහණ පැරඩ් එකට ඕවා තියාගන්න.
169
00:14:23,666 --> 00:14:25,041
අපිට යුද්ධයක් දිනන්න තියෙනවා.
170
00:14:34,791 --> 00:14:37,666
අපි හැමෝටම ආඩම්බරයි.
විශේෂයෙන්ම මට, ජනාධිපතිතුමනි.
171
00:14:37,750 --> 00:14:40,541
මම නිතරම කිව්ව දෙයක් තමයි පෙගී
කියන්නෙ නියම වැඩ්ඩෙක් කියලා.
172
00:14:47,041 --> 00:14:49,708
ඒකට කියන්නේ හයිඩ්‍රා නවත්තන්නා කියලා,
ඔව්, ජනාධිපතිතුමනි.
173
00:14:49,791 --> 00:14:51,875
ඔව්, සර්, මමමයි ස්ටාක්ට කිව්වේ ඒක හදන්න කියලා.
174
00:15:37,458 --> 00:15:39,392
කැප්ටන් කාටර් සහ මේ
175
00:15:39,416 --> 00:15:42,958
හයිඩ්‍රා නවත්තන්නා කියලා කියන එක්කෙනා
සංහාරය පතුරනවා.
176
00:15:43,041 --> 00:15:46,458
ෆියුහ්රර් ඔබට බර්ලින්වලට එන්න
කියලා අණ කරනවා.
177
00:15:47,500 --> 00:15:51,458
අණ කරනවා? අණ කරනවා, එහෙමද?
178
00:15:51,541 --> 00:15:55,750
ඒත් දෙවියෙක් මිනිහෙක්ට උත්තර දෙන්නේ නෑ.
179
00:15:56,750 --> 00:15:58,916
"දෙවියෙක්"? ඔයා?
180
00:15:59,000 --> 00:16:02,416
ඔයාලට ටෙසරැක්ට් එක නැතිවුණා,
දැන් ඔයාලා ලෝහ කෑලිවලින් සෙල්ලම් කර කර ඉන්නවා.
181
00:16:03,000 --> 00:16:08,291
මම ඔයාලා වගේ සීමිත ශක්තියක් ඇති අයගෙන්
වටහා ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
182
00:16:08,375 --> 00:16:14,333
ඉක්මනින්ම, හයිඩ්‍රාවල ඇත්තම රණශූරයා
තරු අතරින් පැමිණේවි.
183
00:16:15,083 --> 00:16:16,750
මගේ රණශූරයා?
184
00:16:16,833 --> 00:16:19,250
ඔයාගේ? කොහෙන්ද...
185
00:16:33,125 --> 00:16:35,166
තුන්වන ජර්මන් රාජ්‍යය.
186
00:16:35,250 --> 00:16:41,041
තුන්වන ජර්මන් රාජ්‍යය විනාශ වී
හයිඩ්‍රා අළු අතරින් නැගිටීවි.
187
00:16:41,125 --> 00:16:47,166
හයිඩ්‍රා සැරදේවා! හයිඩ්‍රා සැරදේවා!
හයිඩ්‍රා සැරදේවා! හයිඩ්‍රා සැරදේවා!
188
00:16:50,916 --> 00:16:54,083
ඔහ්... හොඳ විස්කි එකක් බිව්ව කාලයක් මතක නෑ.
189
00:16:54,875 --> 00:16:57,500
ඒත් ද්‍රාවණය මට ඉඩ දෙන්නේ නෑ ඒකේ ප්‍රතිඵල
විඳින්න.
190
00:16:59,416 --> 00:17:02,458
හරි. හොඳයි, මට අහන්නම වෙනවා. කොහොමද ඒක දැනුනේ?
191
00:17:02,541 --> 00:17:06,583
මොකක්ද, ද්‍රාවණය ගන්න එකද? අවංකව කියනවා නම්,
ඔයා හිතන තරම් වෙනස් නෑ.
192
00:17:07,416 --> 00:17:09,000
වාව්. ඔයා කොහොමත් හොඳ සටන්කාරියක්නේ.
193
00:17:09,750 --> 00:17:12,500
එක විදියකට,
දැන් එළියත් ඇතුළටම ගැළපෙනවා.
194
00:17:12,583 --> 00:17:14,500
මින්ස්සු මාව දැකපු විදිය වෙනස් වෙලා.
195
00:17:15,083 --> 00:17:19,208
දැන් මට හැමෝටම ඇහෙන්න කෑගහන්න ඕන නෑ,
පේන්න විශේෂයක් කරන්න ඕන නෑ, කාමරයක ඉන්න.
196
00:17:19,291 --> 00:17:20,833
ගෞරව වෙන්න.
197
00:17:26,041 --> 00:17:27,458
හොඳයි වගේ.
198
00:17:27,541 --> 00:17:31,208
මම තාමත් බෲක්ලින්වලින් ආපු කෙට්ටු කොල්ලමයි,
දැන් ලොකු ලෝහ ඇඳුමක් ඇඳගෙන.
199
00:17:31,791 --> 00:17:35,375
ඔයා ඇඳුමට වඩා දෙයක්. ඇඳුමෙන් වැඩක් නෑ
ඇතුළේ මිනිහෙක් නැත්නම්.
200
00:17:35,458 --> 00:17:39,583
ඔයා තමයි මගේ වීරයා, ස්ටීව්.
මම කිව්වේ, ඔයා වීරයෙක්.
201
00:17:42,375 --> 00:17:43,375
හ්ම්.
202
00:17:44,041 --> 00:17:45,458
ඔයත් මගේ වීරයා තමයි.
203
00:17:51,125 --> 00:17:52,458
හේයි, බාන්ස් ජීප් එකක් ඉස්සුවා.
204
00:17:53,625 --> 00:17:55,958
එන්න, ස්ටීව්, අපි යමු.
ඔයත්, කාටර්,
205
00:17:56,041 --> 00:17:57,666
හෝව්. හේයි, මොකද වෙන්නේ?
206
00:17:58,166 --> 00:18:01,625
අපොයි, නෑ, නෑ, නෑ. නෑ, ඔයාලා දිගටම කරගෙන යන්න.
මම මෙතන නෑ කියලා හිතන්න.
207
00:18:12,083 --> 00:18:14,125
අපේ ඔත්තුව හරිනම් සහ රෙඩ් ස්කල්
208
00:18:14,208 --> 00:18:16,500
හයිඩ්‍රාවල නායකයා නම්,
අර කෝච්චිය උඩ...
209
00:18:16,583 --> 00:18:19,333
අපිට යුද්ධය ඉවර කරන්න පුළුවන්?
ඔව්, මම ඒක කලින් අහලා තියෙනවා.
210
00:18:19,416 --> 00:18:22,083
මේකේ මොකක් හරි දෙයක් දවස් තුනක් පරණ
මාළුවෙක් තමයි නැවුම් කියලා දැනෙනවා.
211
00:18:22,166 --> 00:18:24,250
සමහර විට ඔයා කෝච්චිවලට බය ඇති.
212
00:18:35,708 --> 00:18:36,875
මම ඉන්නේ මගේ තැන.
213
00:18:36,958 --> 00:18:38,708
ඇහුණා. දැන් ඇතුළු වෙන්න වෙලාව.
214
00:18:38,791 --> 00:18:41,666
"උකුස්සන් අභියෝග කරන තැන" මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.
215
00:18:53,083 --> 00:18:56,000
විව්. ස්තුතියි.
තව පොඩ්ඩෙන් ඔයා මගේ අත ගළවනවා.
216
00:18:56,083 --> 00:18:59,166
රොජර්ස්, මොකක්ද ඔයාගේ තත්ත්වේ?
ඔයාට රෙඩ් ස්කල්ව පේනවාද?
217
00:18:59,250 --> 00:19:00,583
මට මොකක් හරි පේනවා, ඒත්...
218
00:19:00,666 --> 00:19:02,458
- මම ළඟට ගිහින් බලන්නම්.
- ඒක ඇහුණා.
219
00:19:02,541 --> 00:19:03,708
හේයි, තට්ටු කරන්න අමතක කරන්න එපා.
220
00:19:11,083 --> 00:19:13,833
අපොයි, එපා. පෙගී, යන්න! ඒක...
221
00:19:36,875 --> 00:19:38,375
ස්ටීව්!
222
00:19:44,166 --> 00:19:46,291
පෙගී, අපට යන්න වෙනවා.
223
00:19:46,375 --> 00:19:47,458
ස්ටීව්!
224
00:19:53,833 --> 00:19:55,041
ස්ටීව්!
225
00:19:58,125 --> 00:19:59,750
ඔයා කිව්වේ අර දිලිසෙන අයිස් පෙට්ටියට
226
00:19:59,833 --> 00:20:01,458
භෞතික විද්‍යා මූලධර්ම ආපහු ලියන්න පුළුවන් කියලා.
227
00:20:01,541 --> 00:20:02,541
ඒකට පුළුවන්!
228
00:20:02,625 --> 00:20:04,541
ඔයා කිව්වේ හයිඩ්‍රා-නවත්වන්නා විනාශ
කරන්න බෑ කියලා.
229
00:20:04,625 --> 00:20:05,833
ඒක බෑ තමයි! එහෙම වෙලා තිබුණා.
230
00:20:05,916 --> 00:20:10,125
එයාගේ නම ස්ටීව් රොජර්ස්,
"හයිඩ්‍රා නවත්වන්නා" නෙමෙයි.
231
00:20:10,208 --> 00:20:12,083
ස්ටීව්. ඒවගේම අපට නැතුවුණා...
232
00:20:15,250 --> 00:20:17,850
එයා කවදාවත් හමුදා කටයුතුවලට ගන්නේ
නැතුව ඉන්නයි තිබුණේ.
233
00:20:20,916 --> 00:20:23,291
අහ්. ෆ්‍රෝලීන් කාටර්.
234
00:20:23,375 --> 00:20:26,083
මම හිත හිතා හිටියේ ඔයා කොයි වෙලේ මාව
බලන්න ඒවිද කියලා.
235
00:20:26,166 --> 00:20:30,625
ඔයා ඔයාගේ කාලය නාස්ති කරනවා.
මම ඔයාට මොකක්වත් කියන්නේ නෑ!
236
00:20:31,583 --> 00:20:32,791
එයා මට හැමදේම කිව්වා.
237
00:20:32,875 --> 00:20:34,166
අපේ ජර්මන් අමුත්තාට අනුව,
238
00:20:34,250 --> 00:20:37,333
රෙඩ් ස්කල් විශ්වාස කරනවා එයාට මුදා හරින්න
පුළුවන් කියලා අන්තර්විශ්වීය බලයක්
239
00:20:37,416 --> 00:20:39,833
ඒකට පුළුවන් හයිඩ්‍රාව ලෝක පාලනයට ගෙනයන්න පුළුවන්.
240
00:20:39,916 --> 00:20:42,500
ඒක හරිගියේ නැත්නම්, ලෝක විනාශය.
241
00:20:42,583 --> 00:20:44,791
සාඩින් ටින් එකක් වගේ වෙන එක ගැන කිව්වලු!
242
00:20:44,875 --> 00:20:48,333
රෙඩ් ස්කල් හැංගිලා ඉන්නේ මෙතන,
කළු වනාන්තරයේ තියෙන කාසල් ඩි ක්‍රේක් වල.
243
00:20:48,416 --> 00:20:52,083
හයිඩ්‍රා රොජර්ස්ව ඉලක්ක කර එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
ඔයාට නවත්තන්නාව ඕන වෙනවා ළඟට යන්න.
244
00:20:52,166 --> 00:20:54,875
කර්නල්, ඔයා මේ කාමරේ ඉන්න වාසනාවන්තයි.
245
00:20:55,750 --> 00:20:58,583
රෙඩ් ස්කල්ට ඕනේ ලෝකය විනාශ කරන්න.
246
00:20:58,666 --> 00:21:01,041
විධි ගොඩකින් බැලුවාම එයා ඒක කරලා තියෙන්නේ.
247
00:21:02,541 --> 00:21:05,041
මම කියන්නේ, අපි ආපහු එයාලට සලකමු කියලා.
248
00:21:05,125 --> 00:21:08,333
මම කියන්නේ, අපි ඒ මාළිගාව පුච්චලා අළු කරමු කියලා.
249
00:21:08,416 --> 00:21:12,708
ඒත් අපි මේක කළොත්, දැනගන්න
මේකෙන් යුද්ධය ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්,
250
00:21:12,791 --> 00:21:16,541
අපි මැරෙන්නත් පුළුවන්,
ඒත් අපි හයිඩ්‍රාව නවත්තාවි.
251
00:21:16,625 --> 00:21:19,458
- මම එනවා. ස්ටීව් වෙනුවෙන්.
- ඔව්.
252
00:21:19,541 --> 00:21:21,083
- අපි ඒක කරමු.
- රොජර්ස් වෙනුවෙන්.
253
00:21:22,250 --> 00:21:25,458
ඔහ්. ඒත් මම එහෙම නෙමෙයි... ඔයා දන්නවනේ...
254
00:21:25,541 --> 00:21:28,500
අයියෝ, හොවාඩ්.
සමහර විට අපිට බොත්තමක් ඔබන්න කෙනෙක් ඕන වෙයි.
255
00:22:12,833 --> 00:22:14,375
හොඳයි, ඒක නම් විනෝදයි.
256
00:22:14,458 --> 00:22:15,833
දැන් තියෙන්නේ අමාරු කොටස.
257
00:22:16,541 --> 00:22:17,541
ඔයා උඩට යන්න, මම පහළට යන්නම්?
258
00:22:17,625 --> 00:22:19,875
අපි මැදදී හම්බවෙමු.
259
00:22:19,958 --> 00:22:22,791
- හොවාඩ්?
- ඔව්. එනවා.
260
00:23:10,958 --> 00:23:12,833
හේයි, අපි යන්නේ මොන පැත්තටද?
261
00:23:13,625 --> 00:23:15,916
- අර පැත්තට.
- අපිට සැලසුමක් ඕනේ නැද්ද?
262
00:23:16,000 --> 00:23:17,833
කාටද සැලසුමක් ඕනේ. මට පළිහක් තියෙනවා.
263
00:23:17,916 --> 00:23:21,000
පළිහක් කියන්නේ සැලසුමක් නෙමෙයි. ඔහ්, කාටර්...
264
00:23:34,166 --> 00:23:38,250
හයිඩ්‍රාවල රණශූරයා නැගී සිටිනවා.
265
00:23:40,041 --> 00:23:42,125
මොන මගුලක්ද?
266
00:23:42,208 --> 00:23:45,333
රාක්ෂයෝ? කවුරුවත් මාව ඇත්තම රාක්ෂයොන්ට
සූදානම් කළේ නෑනේ.
267
00:23:46,458 --> 00:23:48,875
ඔයා පරක්කු වැඩියි, කැප්ටන් කාටර්.
268
00:23:48,958 --> 00:23:51,291
මම රණශූරයාව ගෙනැල්ලා තියෙන්නේ...
269
00:23:56,791 --> 00:23:57,875
හෝව්!
270
00:23:57,958 --> 00:24:00,125
හොඳයි. සමහර විට අපට සැලසුමක් ඕන වෙයි.
271
00:24:00,916 --> 00:24:04,208
ස්ටාක් හරි. විනාශ කළ නොහැකි.
272
00:24:04,291 --> 00:24:08,333
ස්ටීව්! ස්ටීව්.
ඒයි, යාළුවා, මාව දාලා යන්න එපා.
273
00:24:08,416 --> 00:24:11,208
හේයි, මට උදව්වක් ඕනේ.
එන්න, මට මෙයාව මෙහෙන් එළියට ගන්න උදව් කරන්න.
274
00:24:11,291 --> 00:24:13,875
නෑ. ඔයාට මාව ඇඳුම ඇතුළට දාන්න වෙනවා.
275
00:24:15,166 --> 00:24:16,916
ජෙනරේටර් එකෙන් මේකට බලය දෙන්න ඕනේ.
276
00:24:17,000 --> 00:24:19,500
- ඔව්, ඒත් කොච්චර වෙලාවකටද?
- වෙලාව අපට ඇති වෙයි.
277
00:24:19,583 --> 00:24:21,458
සමහර විට. ඒකට ගහන්න.
278
00:24:25,083 --> 00:24:26,916
මම ඕන දේකට ලෑස්තියි, ඒත් මේක නම් පිස්සුවක්.
279
00:24:27,000 --> 00:24:28,708
ඔව්, ස්ටීව් රොජර්සුත් ඉතින් එහෙමනේ.
280
00:24:38,500 --> 00:24:40,375
- ඔයා හොඳින්ද?
- ඔව්.
281
00:24:40,458 --> 00:24:42,375
හොඳයි, මොකද අපට මුළු දවසම නෑ.
282
00:24:45,291 --> 00:24:47,791
- දැන්, පෙගී කොහේද?
- එයා උඩ තට්ටුවට ගියා.
283
00:24:54,458 --> 00:24:56,583
මේ ග්‍රාහිකා වර්ධනය වෙනවා වගේ පේනවා.
284
00:25:00,500 --> 00:25:02,875
ඒක පැතිරෙන වේගෙට,
ඒකට යුරෝපය ගිලගන්න පුළුවන් වේවි.
285
00:25:02,958 --> 00:25:04,333
මට පාලක වලට යන්න පුළුවන් නම්,
286
00:25:04,416 --> 00:25:06,666
මට ආයානය හුවමාරු කරලා
විද්‍යාව වැඩකිඩ දාන්න පුළුවන්.
287
00:25:06,750 --> 00:25:09,125
ඔයා කියන්නේ ධ්‍රැවීයතාව හුවමාරු කරලා
චූෂණය ආපසු හරවන එකද?
288
00:25:09,208 --> 00:25:10,500
හේයි, බුද්ධිමතා වෙන එක මගේ වැඩේ.
289
00:25:13,458 --> 00:25:16,166
වැඩ පෙන්නනවා. ඉක්මනට,
ෛක්මනට, මට කතා කරන්න, පැටියෝ.
290
00:25:17,041 --> 00:25:19,833
- හැමදේම තියෙන්නේ ජර්මන්වලින්. නියමයි.
- හොඳයි. ඒක හිතාගන්න.
291
00:25:30,375 --> 00:25:32,958
රතු, කොළ, නිල්...
කවුද බොලේ නිල් පාටින් බොත්තම් පාට කරන්නේ?
292
00:25:33,041 --> 00:25:36,958
මට කියන්න එපා ඇමරිකානු බුද්ධිමතාට
බොත්තම් ඔබන්න උදව් ඕන කියලා.
293
00:25:37,041 --> 00:25:39,041
හේයි දිලාමා සහ මම සති අන්තයක් එකට ගත කළා.
294
00:25:39,125 --> 00:25:40,833
ඒත් එයා මට ජර්මන් ඉගැන්නුවේ නෑ!
295
00:25:56,416 --> 00:25:58,625
- ස්ටීව්?
- ඔයාට මන් නැතුව පාළු දැනුනද?
296
00:25:58,708 --> 00:26:01,708
- හැම තප්පරේකම.
- මම කිව්වනේ ඒක විනාශ කරන්න බෑ කියලා.
297
00:26:05,166 --> 00:26:07,083
ඔයා මොකක්ද කිව්වේ, හොවාඩ්?
298
00:26:08,958 --> 00:26:12,041
ඔහ්, වාව්. කවුද කලමාරිට එන්න කිව්වේ?
299
00:26:28,333 --> 00:26:30,041
- ස්ටීව්!
- හරි!
300
00:26:38,125 --> 00:26:39,791
ගිහිල්ල උන්ව ඉවර කරන්න, ස්ටීව්!
301
00:26:42,958 --> 00:26:45,000
මට ඒක වහන්න බෑ!
මේකා ඒක අල්ලගෙන ඉන්නවා!
302
00:26:45,083 --> 00:26:47,208
එහෙනම් මම ඌව ආපහු අපායටම තල්ලු කරන්නම්!
303
00:26:53,291 --> 00:26:54,500
පෙගී!
304
00:26:57,750 --> 00:26:58,875
එපා, එපා, එපා!
305
00:27:03,500 --> 00:27:06,375
- පෙගී, එපා!
- මට කරන්න වෙනවා. මට මේක ඉවර කරන්න පුළුවන්.
306
00:27:07,083 --> 00:27:08,708
ඔයා මට නැටුම් පාඩමක් ණයයි.
307
00:27:08,791 --> 00:27:11,958
ඔව්, සෙනසුරාදා රෑ.
308
00:28:20,291 --> 00:28:21,476
මැඩම්.
309
00:28:21,500 --> 00:28:23,166
කරුණාකරලා, කඩුව පහත දමන්න.
310
00:28:25,333 --> 00:28:28,291
අහ්, සර්? ඒ කැප්ටන් කාටර්.
311
00:28:28,375 --> 00:28:29,791
කොහේද ස්ටීව් රොජර්ස්?
312
00:28:30,625 --> 00:28:35,041
යුද්ධය අවුරුදු 70කට විතර කලින් ඉවර වුණා.
313
00:28:38,291 --> 00:28:39,625
ඔයා හොඳින්.
314
00:28:40,416 --> 00:28:42,000
ඇත්ත වශයෙන්ම.
315
00:28:43,208 --> 00:28:44,750
අපි යුද්ධය දිනුවා.
316
00:28:46,750 --> 00:28:50,166
ඇයගේ එක තෝරාගැනීමක් අලුත්ම ඉතිහාසයකට
උපත දුන්නා
317
00:28:50,250 --> 00:28:53,250
සහ බහුවිධ විශ්වයට අලුත් වීරයෙක් දුන්නා.
318
00:28:53,333 --> 00:28:56,500
මම ගැන කියනවා නම්, මේ තමයි මගේ කතා.
319
00:28:56,583 --> 00:29:02,666
මම මෙහේ සිදුවෙන හැමදෙයක්ම නිරීක්ෂණය කරනවා,
ඒත් මම මැදිහත් වෙන්නේ නෑ, මට මැදිහත් වෙන්න බෑ,
මම මැදිහත් වෙන්නෙත් නෑ.
320
00:29:02,750 --> 00:29:04,125
මොකද මම තමයි...
321
00:29:05,083 --> 00:29:06,625
වොචර්.